දෙමල සන්ධානය කොටි මහවිරු සමරුවට සැරසේ… කිලිනොච්චියේ කොටි සොහොන් සුද්ද කරයි..

(06.11.2018 – 17:30 +0530 – lankacnews.com)

නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සදහා කිලිනොච්චිය හා මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ මහවිරු සුසාන භූමී සුද්ද කිරීමේ මේ දිනයන්හි ආරම්භ කොට ඇත.

මෙවරද මහවිරු දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සහය ඇතිව කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ සහ මුලතිව් මුල්ලිවයික්කාල් මහවිරු සුසාන භූමිවල සූදානම් කරමින් පවති.

මේ අනුව මහවිරු දිනයට සමගාමීව නොවැම්බර් 21 වනදා සිට උතුරු පලාතේ මහවිරු සතිය වශයෙන් සතියක කාලයක් මිය ගිය මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වන ලෙසට දෙමළ ජාතික සන්ධානය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

නොවැම්බර් මස 26 වෙනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී ඇති අතර මහවිරු දිනය සැමරෙන්නේ නොවැම්බර් මස 27 වෙනිදාය.

මියගිය පිරිසක් සැමරීමට සියළු දෙනාටම මිනිසුන් වශයෙන් අයිතියක් ඇති නිසා මහවිරු සොහොන් බිම් සුද්ධ පවිත්‍ර කොට ලබන 27 දා මහවිරුවන් සිහිකොට පහන් දල්වන මෙන් දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා කිලිනොච්චියේ ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

මහවිරු සැමරුමේ පුධාන සැමරුම කිළිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී මීට පෙර පැවති අතර මෙවරද කනකපුරම් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීම එක් එක් පිරිස් විසින් වරින් වර සිදු කෙරෙන අතර ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේද සහය ලැබී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++++

ආරක්ෂක අංශ යටතේ පවතින උතුරේ ඉඩම් වසර අවසන්වීමට පෙර නිදහස් වන ලකුණු

(06.11.2018 – 15:28 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් නිදහස් කර නොමැති උතුර පළාතේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව නැගෙනහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්දිරන් මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, පසුගියදා ඔහු නියෝජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නේ නව රජයට සහය පළ කරමින්.

එම මාධ්‍ය හමුවට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්ද මහතා එක්ව සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *