වත්මන් රජයට 113 ට වැඩි බහුතරයක් සිටින බව නිදහස් සන්ධානය කියයි

(06.11.2018 – 22:16 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවට 113 ට වැඩි බහුතරයක් මේ වන විට සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණා.

මේ සදහා එක්සත් ජාතික නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් රැසක් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *