අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(10.11.2018 – 08:47 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අද (10) පස්වරු 4 දක්වා අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව කොළඹ 4 සහ 5 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා ෴

++++++++++++++++++++++++

නුගේගොඩ – පාගොඩ පාර අවට රථ වාහන තදබදයක්

(10.11.2018 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ නිසා ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අනුව පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී ප්‍රදේශවල මෙම රථ වාහන තදබදය පවතින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා ෴

*****************************************

අධිවේගී මාර්ගයෙන් කටුනායක යන්න ඉන්න ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්

(10.11.2018 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පැලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අසළ කොටසක් වැසේ

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් අද සිට තාවකාලිකව වසා තැබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ හේතුවෙන් අලුතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය භාවිත කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව කොළඹ – පුත්තලම මාර්ගයේ සහ කොළඹ – නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම අද සිට තාවකාලිකව නතර කෙරෙනු ඇති.

එමෙන්ම, අධිවේගී මාර්ගයේ සිට කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ – පුත්තලම සහ කොළඹ – නුවර මාර්ගවලට පිටවීම ද අත්හිටුවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ ෴

*****************************************

හිරු සී.අයි.ඒ : ප්‍රමිතියෙන් තොර ගඩොල් යොදා සිදු කෙරෙන සංරක්ෂණය

(09.11.2018 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික පොලොන්නරුව පුජා භූමියේ ස්ථාපිත දෙමළ මහා සෑය මෙරට මුතුන් මිත්තන්ගේ විශ්මිත හැකියාවන් ලොවට කියා පාන තවත් සුවිශේෂී ස්තූපයක්.

මහා වංශයේ සදහන් ආකාරයට උසින් රියන් 1300 ක් වු මෙම ස්ථූපය වර්තමාන වනවිට ශේෂව පවතින්නේ මීටර් 600 ක වට ප්‍රමාණයකින් හා මීටර් 25.65 ක උසකින් යුතුවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ස්තූපයේ සංරක්ෂණ කටයුතු අරඹන්නේ 2014 වසරේදී.

එම සංරක්ෂණ කටයුතු සදහා පසුගිය කාලයේ ටෙන්ඩර්කරුවන් හරහා ගඩොල් එක් ලක්ෂ තිස්දහසක් පමණ මිලදී ගෙන තිබෙනවා.

ඒ එක් ගලකට රුපියල් 39 ක මිල ගෙවමින්.

මේ වනවිටත් දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ප්‍රමිතියෙන් තොර මෙම ගඩොල් සෑහෙන ප්‍රමාණයක් යොදා ගෙන අවසන්.

මිල කළ නොහැකි තරම් වටිනාකමකින් යුතු මෙම ඓතිහාසික දෙමළ මහා සෑය ඉදිකිරීම් අධීක්ෂණය කරන නිලධාරියා අප එහි යනවිටත් වැඩ බිමේ සිටියේ නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *