බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් – ධීවරයන්ට සහ නාවිකයන්ට රතුඑළි

(11.11.2018 – nethnews.lk)

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, ඒ පිළිබද කරුණු දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි විරසිංහ මහත්මිය :

දිවයිනට ආසන්න මුහුදු ප‍්‍රදේශවලද වැසි ඇති විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවේදී එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු ප‍්‍රදේශ ක්‍ෂණිකව රළු විය හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ ෴

http://tropic.ssec.wisc.edu/real-time/storm.php?&basin=indian&sname=07B&invest=NO&zoom=4&img=1&vars=11111000000000000000&loop=0

++++++++++++++++++++++++

‘ගජා’ සුළි කුණාටුව ගැන අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් උපදෙස්

(11.11.2018 – 14:51 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කන්කසන්තුරය සිට කිලෝමීටර 1040 ක් පමණ ඊසාන දෙසින් ස්ථාන ගතවී තිබෙනවා.

මෙම සුළි කුණාටුව ‘ගජා’ ලෙස නම් කර ඇති අතර, එය ඉදිරි පැය 24 තුළ බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.

ඒ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *