කථානායකගේ විශ්වාස භංගය ජනපති නොපිලිගනී.. ඉවත දමයි.. අගමැති මහින්ද තව දුරටත් ක‍්‍රියාත්මයකයි…

(14.11.2018 – 21:48 +0530 – lankacnews.com)

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ යයි කතානායකවරයා විසින් යොමු කර ඇති ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කලහ.

ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් ඇමති මණ්ඩලයද ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක වනු ඇති බවත් ඔවුන් සඳහන් කලහ.

අද පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කර විනාඩි 15 යන්නට මත්තෙන් එය සම්මත වූ බවත් එසේ සම්මත කලේ කටහඬ අනුව බවත් කතානායක කරු ජයසුරිය විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්පූර්ණයෙන්ම විකාර රූපී බව අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේදී සාකච්චා වී තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ කතානායකවරයාට අනුව මැතිවරණ පැවැත්වීමට විශාල මුදලක් වැය නොවන බවත් ආසන මට්ටමින් හෝ වසම් මට්ටමින් එක්රැස් කර හූ තබන්නැයි කියා වැඩි හඩ එන පැත්තට ජයග‍්‍රහණය දී ජනාධිපතිවරුන් අගමැතිවරුන් පවා තෝරා ගත හැකි බවයි.

++++++++++++++++++++++++

අගමැතිගෙන් හෙට (15) විශේෂ ප්‍රකාශයක්

(14.11.2018 – 20:37 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබූ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී විදිමත් පාර්ලිමේන්තුවක් නොපැවති බවත් විදිමත් යෝජනවක් ඉදිරිපත් නොවු බවත් විදිමත් ඡන්ද විමසීමන් නොපැවැත් වූ හේතුවෙන් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව කිසිදු වලංගු භාවයක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමත්‍යවරයා හා ඇමති මණ්ඩලය හා අණ්ඩුව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන බවයි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

කථානායකවරයා යැවූ ලිපියට ජනාධිපතිවරයාගෙන් සැර පිළිතුරක්

(15.11.2018 – 00:03 +0530 – hirunews.lk/sinhala)

විශ්වාස භංගයක් මගින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා විසින් කල ලිඛිත දැනුම්දීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රතිචාර දක්වයි.

ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය :

++++++++++++++++++++++++

අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න බලයක් නැහැ – එජාපය

(14.11.2018 – nethnews.lk)

අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බවටත් නිත්‍යානුකුල නොවන අයුරින් පත් කරනු ලැබූ අගමැතිවරයාට එරෙහිව බහුතර බලයකින් යුතුව සම්මත කර ගනු ලැබූ විශ්වාසභංග යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට හෙට (15) දිනයේදී පියවර ගැනීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසා සිටිනවා.

අරලියගහ මන්දිරයේ අද (14) රාත්‍රියේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ඇති බවත් හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස් වීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බවයි. එමෙන්ම දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු පරිදි විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

එමෙන්ම අද දිනයේදී විශ්වාසභංග යෝජනාව ගෙනා පක්ෂ නායකයින් සමග ජනාධිපතිවරයාගේ රැස්වීමක් හෙට දිනයේදී පැවැත්වෙන බව අජිත් පී පෙරේරා මන්ත්‍රිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියා.

මේ අතර හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා හට අගමැතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකිරීමට ඉඩක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක කියා සිටියා.

“පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවට අනුව එය කතානායකවරයා විසින් සම්මත වූ එකක් බව පිළිගනු ලැබුවා. ඒ මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධුරය වගේම පත් කර තිබු කැබිනට් මණ්ඩලය විසිරිලා අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය අනුව අගමැතිවරයාට ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මෙතන මතු වන්නේ නැහැ. මන්ද පාර්ලිමේන්තුවේදී විසර්ජන පණතක් පරාජයට පත්වුවහොත් හෝ විශ්වාසභංගයක් පරාජයට පත්වුවහොත් අගමැතිවරයාගේ තනතුර අහෝසි වනවා” යැයි මන්ත්‍රිවරයා කියා සිටියේ ෴

++++++++++++++++++++++++

15 උදේ හමුවන්න ජනපතිගේ ආරාධනය එජාපය ඇතුළු සියලු පක්ෂ වර්ජනය කරයි

(15.11.2018 – gossiplankanews.com)

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු රජයට එරෙහිව පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට සහාය පළකළ පක්ෂ නායකයින් සියල්ලටම 15 බ්‍රහස්පතින්දා උදෑසන පාර්ලිමේන්තුව ඇරඹිමට පෙර ජනපති හමුවන්නැයි ආරාධනා කර තිබූ අතර එම හමුව මුලින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළ අතර රාත්‍රී වාර්තා වූයේ එය එජාපය හා අනෙකුත් පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බවයි.

හිටපු ඇමති රාජිත සේනාරත්න දන්වා ඇත්තේ කතානායකගේ ලිපියට පිලිතුරු ලෙස ජනපතිවරයා රාත්‍රී නිකුත් කළ ලිපිය දැකගැනීමෙන් පසු ජනපතිගේ ස්ථාවරය පැහැදිලි බවත් ඒ නිසා හමුවීම පලක් නැති බව තීරණය කළ බවත්ය.

එජාපය ඒ අනුව හෙට උදෑසන ජනපති හමුනොවන අතර අනෙක් පක්ෂද එය අනුගමනය කරන බව දන්වා ඇතැයි හිටපු ඇමති රාජිත දන්වා ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *