එජාපයේ බෞද්ධ විරෝධී ස්වරූපය පෙන්වා දුන්නාට ඔබවහන්සේට බොහෝම පිං – බුද්ධ ශාසන ඇමති

(15.11.2018 – nethnews.lk ඇසුරෙන්)

එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ අද (15) පැවැත්වූ විරෝධතා රැලියේදී වේසිපුත්‍ර දඹර අමිලයා, භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති හිමියන්ද වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති උදය ගම්මන්පිල මහතා පැවසුවේ, අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපය රටට ඉතා පැහැදිළි ලෙස භික්ෂූන් වහන්සේනමක් පාචිච්චි කරමින්ම පෙන්වා දුන් බවයි.

“අස්ගිරිය පාර්ශවයේ අනුනායක හිමි, කැළණිය රාජ මහා විහාරයේ නායක හිමි, හුණුපිටිය ගංගාරාමයේ නායක හිමියන් ඇතුළු චෝදනාවට ලක්වූ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ රටේ සංඝ පීතෘවරු. මේ කිසිදු හිමි නමක් රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ ඒවායේ මුදල්වලින් යැපෙන අය නොවෙයි. මෙම ස්වාමීන් වහන්සේලා රටට ආදරය කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අය. අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියාකලාපය ගැන රටට පෙන්වා දුන්නා. දඹර අමිල හිමියනි ඔබ වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ සැබෑ බෞද්ධ විරෝධි ස්වරූපය අපට පෙන්වා දුන්නාට බොහෝම පිං.” යැයි අමාත්‍යවරයා nethnews.lk වෙත අදහස් දක්වමින් පැවසුවා.

වේසිපුත්‍ර දඹර අමිලයා අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමි ඇතුළු  භික්ෂූන්වහන්සේලා දෝෂ දර්ශනයට ලක්කළ අයුරු පහතින් අසන්න :

++++++++++++++++++++++++

‘දඹර අමිල තවදුරටත් හිමිනමක් නොවෙයි… සියල්ල සිදුවන්නේ බටහිර තානාපති කාර්යාල වල උවමනාවන්ට‘ – මේජර් අජිත් ප්‍රසන්න කියයි

(15.11.2018 – nethgossip.lk)

සිය බල වුවමනාව සඳහා එක්සත් ජාතික පක්ෂය සංඝභේදය පවා ඇති කරමින් සිටින බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

ඒ එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ අද (15) පැවැත්වූ විරෝධතා රැලියේදී පූජ්‍ය දඹර අමිල හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති යන හිමිවරුන්ට කළ චෝදනාවන් සම්බන්ධයෙන් අදහස් පළකරමිනි.

එහිදී දඹර අමිල හිමියන් සඳහන් කළේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා දුරකථන ඇමතුම් ගණනාවක් ලබාගත් බවයි.

දඹර අමිල හිමියන් කරන මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් ප්‍රසන්න මහතා…

“අපි බොහොම පිළිකුලෙන් මෙය දකිනවා.අපි ආනන්තරිය පාපකර්මයක් ලෙස සලකන දෙයක් තමයි සංඝභේදය. අද වෙනකොට එජාපය බලය ලබාගැනීමට මේ සංඝභේදය පවා පාවිච්චි කරන බවයි පෙන්නේ.

අනෙක් අතට හාමුදුරුනමක් ප්‍රසිද්ධ වේදිකාවක කෙනෙක් මේ වගේ දෙයක් කියන කොට අපිට තව දුරටත් බෑ දඹිල අමිල හාදුරුවෝ කියන්න. අපිට කියන්න වෙනවා දඹර අමිල කියලා.ඒ නිසා දමර අමිල කරපු ප්‍රකාශය අපි හෙළා දකිනවා මෙය පැහැදිලිව සංඝ භේදයක්.

මේ නායක වහන්සේලා ජනතාව විසින් වන්දනා මාන කරන ස්වාමින්වහනසේලා.මහා සංඝයා වහන්සේලා පවා මෙලෙස බාල්දු කරලා කරන වැඩෙන් අපට පේනවා එජාපය කොතරම් දුරට බංකොලොත් වෙලාද කියලා” යනුවෙන් සඳහන් කළ අජිත් ප්‍රසන්න මහතා මේ මොහොතේ කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිදුවෙමින් පවතින සම්පූර්ණ ක්‍රියාදාමය බටහිර තානාපති කාර්යාල වල න්‍යාය පත්‍රයන්ට අනුව සිදුවන බවද ප්‍රකාශ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් එජාප ආණ්ඩුව පෙරළීම පිළිබඳ කණගාටුවෙන් සිටින බවත් එජාපයේ බලය ගිලිහී ගියහොත් රට බෙදීමේ ඔවුන්ගේ සිහිනය සැබෑ නොවන බවත්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *