‘දෙවන දිනටත් විශ්වාසභංගය සම්මතයි’

(16.11.2018 – 18:03 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථීර කරන ලද යෝජනාව ස්ථාරව නියෝග අනුව අද (16) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වු බවට කථානායක වරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට නිල වශයෙන් දන්වා යවා තිබේ.

ඒ අතර, විශ්වාසභංගයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලේඛනය ද ඒ සමඟ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඊයේ (15) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයින් පවත්වන ලද සාකච්ඡාවේ දී එළැඹුණු තීරණය අනුව අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථීර කරන ලද මෙම යෝජනාව ස්ථාරව නියෝග අනුව අද දින පාර්ලිමේන්තුවේ දී සම්මත වු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

මන්ත්‍රීවරුන්ට තියපු අත කාකි ඇඳුමටත් තියයි

(16.11.2018 – 17:22 +0530 – sinhala.adaderana.lk)

කථානායකවරයාට ආරක්ෂාව ලබා දීම සඳහා පාර්ලිමේන්තුව වෙත පැමිණි පොලිස් නිලධාරීන්ටද අද මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවිය.

මන්ත්‍රීවරුන්ට තියපු අත කාකි ඇඳුමටත් තියයි

පොලිස් නිලධාරීන් කිහිපදෙන් පාර්ලිමේන්තු රෝහලේ ප්‍රථිකාර ගැනීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන පාර්ලිමේන්තුව තුළට මන්ත්‍රීවරුන් පිවිසෙන විට ශරීර පරික්ෂාවකට ලක් කර ගත් අතර මෙම මිරිස් කුඩු මිශ්‍ර කළ ජල බෝතල් කෙසේ පැමිණියේද යන්න ගැටලුවකි.

මේ අතර පාර්ලිමෙන්තු ගැලරියේ කිසියම් නාඳුන පිරිසක් සිට බවත් එම පිරිස ගෝෂා කරමින් සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගැබේ තිබූ ආසන ආදිය ඔසවා එම පොලිස් නිලධාරීන්ට පහර දෙනු දකින්නට ලැබුණු බවයි ෴

++++++++++++++++++++++++

සුමන්දිරම්-නිෂ්පාදක රනිල්-අධ්‍යක්ෂක කරූ-නළුවෙක්

(16.11.2018 – 15:49 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු පවත්වා ගෙන යාම සඳහා කථානායකවරයා අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද (16) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඊයේ දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කථානායකවරයා හා පක්ෂ නායකයින් කිහිප දෙනෙක් සමඟ පැවති සාච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් කළ කිසිවක් ගණන් නොගෙන් ක්‍රියා කළ ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මෙම සිදුවීමේ වල නිෂ්පාදකවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා බවත් එහි අධක්ෂකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් කථානාය කරූ ජයසූරිය මහතා එහි නළුවෙක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය ෴

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *