ජනාධිපතිතුමා කැඳවූ සර්ව පාක්ෂික හමුව : නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමයෙන් ඡන්දය ගණනය කිරීමට එකඟත්වය

(18.11.2018 – 20:53 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති බව ජනාධිති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට (19) පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලු දෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

ජනාධිපතිවරයා මෙම හමුවේ දී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්ත්‍රී‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලු පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිවරයා දන්වා තිබූ අතර, ජනාධිපතිවරයා විසින් ඒ බව සභාවට ප්‍රකාශ කරනු ලැබීය.

+++++++++++++++++++++++++++++++++++++

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී හෙට (19) අවසන් තීරණය ගන්නවා

(18.11.2018 – 18:30 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී අවසන් තීරණය ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

හෙට (19) පෙරවරු 11.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි ආකාරයෙන් පූර්වාදර්ශයක් වන පාර්ලිමේන්තුවකට සහභාගිත්වය ලබා දීමෙන් එයට සුජාත භාවයක් ලබා දීම සිදු නොකළ යුතු බව ඔවුන්ගේ පුද්ගලික අදහස වන බවත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++++

ජනපති එජාපයට මඩු වලිගෙන් තලා කඩුවෙන් කොටා ඔළුවත් අතගායි.. අද පක්‍ෂ නායක හමුවේ වූ දේ මෙන්න..

(18.11.2018 – 22:39 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් මගින් අගමැති වරයෙක් හා ආණ්ඩුවක් ඉවත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති බවත් එම ක්‍රමවේදය අනුගමනය කරමින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පක්ෂ නායකයින්ට දන්වා ඇත.

ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපතිවරයා පක්ෂ නායකයින් වෙත මේ බව සඳහන් කර තිබේ.

ආණ්ඩුවක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණාවක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝගවල සඳහන්ව ඇතත් හඬ අනුව බහුතරය තීරණය නොකරන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා විද්‍යුත් ක්‍රමය හෝ නමින් ඡන්දය ඉල්ලීම භාවිත කරන ලෙසද දන්වා තිබේ.

එමෙන්ම ඒ සියල්ල පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව ස්ථාපිත කිරීමෙන් පසුව ස්ථාවර නියෝග අනුව ‍න්‍යයපත්‍රයට දමා විවාදයට ගෙන ඉදිරිපත් කර ගන්නා ලෙසද දන්වා ඇත.

හමුවෙන් පසුව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි :

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂික හමුව දීර්ඝ ලෙස පැය දෙකකට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත‍්‍රශීලි ලෙස අද (18) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයා කළයුතු ආකාරය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේ දි පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී සුදුසු තීරණයක් ගැනීමටත්, පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමටත් මෙහිදී සියලුදෙනා එකඟතාවයක් ඇතිකරගනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමා මෙම හමුවේ දී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

එය තමාටත් රටේ උගත් බුද්ධිමත් පොදු මහජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක‍්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රජයක් වෙනස් කිරීම වැනි ප‍්‍රබල කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ දී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් මන්තී‍්‍රවරුන්ගේ හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නොවන අතර, එහි විනිවිදභාවයක් නොමැති බව ද පැහැදිළි කරනු ලැබීය.

සර්ව පාක්ෂික සමුළුවට ආරාධනා ලැබූ සියලු පාර්ශ්ව සාකච්ඡාව නියෝජනය කළ අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් ඊට සහභාගී නොවන බව ජනාධිපතිතුමාට දන්වා තිබූ අතර, ජනාධිපතිතුමා විසින් ඒ බව සභාවට ප‍්‍රකාශ කරනු ලැබීය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

+++++++++++++++++++++++++++++++++++++

ජනාධිපතිවරයාට අපේ බහුතරය හෙට පෙන්වනවා – එජාපය ; සාකච්ජාවේ එකඟතාවයක් නැහැ – ඇමති ගම්මන්පිළ

(18.11.2018 – nethnews.lk)

දැනට පත්ව සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බවත් ඒ සදහා මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසක් සමග ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශද සමග හෙට (19) දින උදැසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා පවසා සිටිනවා.

අද (18) ජනාධිපතිවරයා කඳවු සර්ව පාක්ෂික සමුළුව අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

මේ අතර ඉකුත් 14 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බවට හැන්සාර්ඩ් වාර්තාවේ සඳහන් නොවන බව අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිත්‍යානුකුල විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ආණ්ඩුවට එරෙහිව සම්මත කර ගතහොත් අගමැතිධුරය සහ ආණ්ඩුවෙන් ඉවත් වීමට ඕනෑම මොහොතක සුදානම් බවයි. එමෙන්ම අද දිනයේදී පැවති සර්ව පාක්ෂික සමුළුව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

හෙට දිනයේදී කටයුතු සිදුවන ආකාරය පිලිබදව තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම හෙට උදැසන 11ට පාර්ලිමේන්තුවේදී රැස්වන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

https://4.bp.blogspot.com/-iFRofirIV4s/W_GBPPKdKqI/AAAAAAABEoQ/9MZIwB5fjA4fLUYdjAOXqKOlExEC74L7wCLcBGAs/s1600/news.jpg

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Why \UNPers are shy of naming the MPs for or against the NCM against Mahinda as PM. They have a hidden agenda and do not want to declare who are going to be the Trojan Horses when it comes to jumping frog stage of the events when a government is eventually formed. This is a good opportunity to identify potential traitors that have financial motives along with pretensions to be loyal while acting as traitors. President should insist on voting by name and not hide it by allowing electronic voting. It is also time to publish the full list of MPs that benefitted from Bond Scam black money channelled through Aloysius and his affiliated companies.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *