මරදන්කඩවල ගමක් නොසිතූ ලෙස කූඹියෝ ගිලගනිති

(21.11.2018 – 09:17 +0530 – hirunews.lk/sinhala)

කලක පටන් පවතින කුහුඹු ආක්‍රමණයක් හේතුවෙන් මරදන්කඩවල ප්‍රදේශයේ පවුල් රැසක දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B7%96%E0%B6%B9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%9C%E0%B6%B1%E0%B7%93

කුහුඹුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සහ ව්‍යාපාරික ස්ථානවල කටයුතුවලට ද බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හේතුවෙන් තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ගෙවතු, නිවාස, වැසිකිළි, මෙන්ම ජලනල පද්ධති හා නිවාස අභ්‍යන්තර විදුලි පද්ධතිද මෙම කුහුඹුවන්ගේ ආක්‍රමණයට ලක්ව තිබීම එහිදී අපට දැකගත හැකිවූවා.

ඇඳුම් හා සපත්තු ආදිය ද මෙම කුහුඹුවන් විසින් බරපතළ ලෙස කා දමා විනාශ කර තිබෙනවා.

කලක පටන් මෙම කූඹි පැමිණිම සිදුවූ බවත් මෑතකදී සිට එම තත්ත්වය වඩාත් ඉහළ ගිය බවත් මෙම කූඹි ආක්‍රමණයට ලක්ව සිටින මරදන්කඩවල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

මරදන්කඩවල ප්‍රදේශයේ පවතින මෙම කුහුඹු ආක්‍රමණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිව යුතු ආයතනයක් මැදිහත්ව කටයුතු කර නැති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

*****************************************

පුරවැසිභාවය ඉවත් කර ගත් ගීතා මැතිවරණ කොමිසමට යයි

(21.11.2018 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92

ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කර ගත් බවට අදාළ ලිපි ලේඛණ ඇය අද මැතිවරණ කොමිසමට පැමිණ එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාර දුන්නා.

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියාචනාධිකරණය මගින් පසුගිය වසරේදී අහෝසි කරනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය දරණ බැවින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එය නීතිවිරෝධී බව පවසා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 6 දෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින්.

එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය වර්ෂයේ මැයි 9 වනදා ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනුකරනු ලැබුවා.

පසුව පෙත්සම විභාගයට ගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේ ගීතා කුමාරසිංහ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අනුමත කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *