‘අගවිනිසුරුට යැව්ව ව්‍යාජ ලිපිය’ ගැන CIDයට පැමිණිල්ලක්

(21.11.2018 – 15:55 +0530 – sinhala.adaderana.lk)

‘කථානායකවරයා විසින් අගවිනිසුරු නලීන් ජයලත් පෙරේරා මහතා වෙත යවන ලදැයි පැවසෙන’ ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ව්‍යාජව සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද මෙම ලිපිය පිළිබඳ කථානායකවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල කර ඇති බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කථානායකවරයා විසින් අගවිනිසුරුවරයාට යොමු කරන ලද මෙම ලිපිය සාවද්‍ය ලිපියක් වන බවට කථානායක මාධ්‍ය අංශය විසින් අද උදෑසන නිවේදනය කර තිබුණි.

2018.11.20 දින මෙම ලිපිය නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි.

එම සාවද්‍ය බවට ප්‍රචාරය වන ලිපිය කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන ලිපි ශීර්ෂය යටතේ කථානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව දක්වා තිබේ ෴

*****************************************

*****************************************

Facebook හරහා මුදල් වංචා කල පුද්ගලයෙක් මාට්ටු

(21.11.2018 – 15:38 +0530 – sinhala.adaderana.lk)

මුහුණු පොත(ෆේස් බුක්) මඟින් සම්බන්ධ වී ජංගම දුරකථන ලබා දෙන බවට පවසා මුදල් වංචා කල පුද්ගලයෙකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව ජංගම දුරකථන ලබා දෙන බවට පවසමින් මුහුණු පොත මඟින් තම ගිණුමට මුදල් බැර කරගෙන මෙම වංචාව සිදු කර ඇති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මුදල් බැර කල ද ජංගම දුරකථන ලබා නොදී මෙම වංචාව සිදු කර තිබේ.

ඊයේ (20) මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන මීගමුව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 21 වන පෙරියමුල්ල, මීගමුව ලිපිනයේ පදිංචි මුස්ලිම් ජාතික තරුණයෙකි.

සැකකරු මීගමුව, ජා ඇල, කොළඹ හා තවත් ප්‍රදේශවල පුද්ගලයින් රවටා ජංගම දුරකථන ලබා දෙන බවට පවසා මුදල් වංචා සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු අද (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *