‘අර්බුදයේ මුල මැද අග විනිවිද’ – ‘දෙරණ 360’ කුමරතුඟු මුණුපුරා විශිෂ්ඨ සලකුණක් තබයි…

(21.11.2018 – 13:20 +0530 – lankacnews.com)

පසුගියදා දෙරණ 360 වැඩසටහනට පැමිණි ගෙවිඳු කුමාරතුංග මහතා වත්මන් දේශපාලන අර්බුදයේ මුල – මැද – අග ගැඹුරින් විශ්ලේෂණය කරමින් සුවිසේශී පැහැදිළි කිරීමක් සිදු කළේය.

ආණ්ඩු පෙරලිය සිදු නොකලේ නම් මේ වන විටත් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව කරූ ජයසුරිය මහතාගේ “හඬ අනුව සම්මතයි” ලේබලය ගසාගෙන බලාත්මක වන්නට තිබුණේ යැයි සඳහන් කළ කුමාරතුංග මහතා ඒ භයානක ගමන වැලැක්වීමම සුවිශේෂී ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලිය විදෙස් තානාපති කාර්යාල කිහිපයක් අල්ලාගෙන කරූ ජයසූරිය කතානායකවරයාද පාවිච්චි කරමින් නිර්මාණය කර ඇති වත්මන් අර්බුදයට විසඳුම් සෙවීම කුණු වී ඕජස් ගලන වත්මන් පාර්ලිමේන්තුවෙන් කරගත නොහැකි බවත් ඒ සඳහා ජනතාව අභියසට ගොස් නව ජනවරමක් මහ මැතිවරණයක් හරහා ලබා ගැනීමට සියළු දෙනා පෙළ ගැසිය යුතු යැයිද අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ මාහතා අගමැති ධූරයට පත් වූ පසුව දුටු නිරීක්ෂණයක් අපූරුවට පැහැදිලි කළේ මෙසේය :

“මහින්ද එදා පරාජය වෙලා මැදමූලනට ගියාම ඔහු හොයාගෙන ආවේ හුදී ජනතාව.. මම පොදු ජනතාව කියන්නෙ නෑ ඒ අතීතයේ ඉදන් කියන හුදී ජනතාව.. ඒ ආව ජනතාවගෙන් 1% වත් විජේරාමෙට ආවේ නැහැ එතුමට අගමැතිකම හම්බ වුනාම.. එහෙම වාහන පෝලිමක් තිබුණේ නැහැ.. ඉතාම සුඛෝපභෝගි වාහන පෝලිමක් නම් තිබුණා.. හැබැයි අර පොල්මල ගහගෙන වන්දනා ගමනක් යනවා වගේ තමන්ගේ ළමයින්වත් වඩා ගෙන එතුමා එක්ක තමන්ගෙ දුක බෙදා ගන්න ආව ජනතාව නෙවේ විජේරාමෙට ආවේ.. ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ ස්වභාවය..

ඒ අයගේ පැතුම මහින්ද රාජපක්ෂ මහතා කිසි දින අමතක නොකල යුතුයි.

අද මේ රටට ධර්ම වීරයන් අවශ්‍යයි. සමාජය අමතන, හරි දේ වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් සමාජයට බල කරන, තමන්ටම නිවරදි වෙන්න බලකරන දැනුවත් සමාජ ක්‍රියාකාරීත්වයක් අද මේ රටට අවශ්‍යයි.

එදා 2015 අප ගිලගත් විජාතික කුමන්ත්‍රණය පරාජය කළ හැම දෙනාටම යුතුකමක් තිබෙනවා, කැප්පෙටිපොළ නිළමේතුමාගෙන් ඒ අසිපත අතැහරිලා වසර 200 ක් ගෙවෙන අද වැනි දිනෙක ඒ අරගලය ජයග්‍රහණය දක්වා රැගෙන යෑමට. අපගේ ආගමට අනුව සරල නිදහස් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මග පාදාගැනීමට හුදී ජනයාගේ ඇති අභිලාෂය ජයග්‍රහණයෙන් කෙළවර කරගැනීමට අධිෂ්ඨානය කරගනිමු.”

– කැලුම් නිරංජන

සම්පූර්ණ විඩියෝව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *