සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක්

(23.11.2018 – 21:55 +0530 – hirunews.lk/sinhala)

සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.

බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.

ඒ අනුව තේ, කුලු බඩු, පොල්, රබර්, වී, පළතුරු, එළවලු ඇතුලු කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන ආදායම්වලට මෙම සහනය අදාළ වනු ඇති.

එමෙන්ම කුඩා ව්‍යාපාරවල ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට කාර්තුවකට රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම හෝටල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *