දඹර අමිලයාට චෝදනාවක්

(23.11.2018 – 20:40 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

දඹර අමිලයා භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරන බවත්, ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස ගෞරව උපාධියක් පිරිනැමීම සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළයුතු බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා.

*****************************************

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගනී

(23.11.2018 – 14:06 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබුවා.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනයක් මෙලෙස ඉවත් කරගෙන තිබෙනවා.

2008 වසරේදී කොස්වත්ත – තලාහේන ප්‍රදේශයේදී කල්වාරි දේවස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළ අතර, එම තීන්දුවයි නීතිපතිවරයා විසින් අභියෝගයට ලක් කර තිබුණේ.

ඊට අදාළව විත්ති පාර්ශවය විසින් මූලික විරෝධතා ගොනුකර තිබූ අතර, එහිදී නීතිපතිවරයා විසින් තවදුරටත් අභියාචනය ඉදිරියට පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි ඊට අවසර ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *