මහවිරු සැමරුම් ගැන යාපනය අධිකරණයෙන් නියෝගයක්

(23.11.2018 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කෝපායි ප්‍රදේශයේ සංවිධාන කර ඇති මහවිරු සැමරුමේ උත්සවයේ එල්.ටී.ටී.ඊ. ධජ සහ ලාංඡන භාවිතා නොකරන ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සැමරුම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා ඉල්ලීමක් කළා.

++++++++++++++++++++++++

යාපනය සරසවියේ මහවිරු සැමරුමට අධිකරණයෙන් අවසර

(23.11.2018 – nethnews.lk)

යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණ‍ය අද (23) අවසරය ලබාදුන් බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වළක්වන ලෙසට කෝපායි පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කොට තිබු පෙත්සම සම්බන්ධයෙන් වන තීරණය ලබාදෙමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය ලබාදුන් බවයි.

කෝපායි පොලිසිය යාපනය විශ්ව විද්‍යාලය තුළ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම හරහා ගැටළුකාරි තත්වයක් හටගත හැකි බවට සදහන් කරමින් එය නවතාලමින් අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලීම් කොට තිබුනා.

යාපනය ‍මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කොට තිබුණේ එල්.ටි.ටි.ඊ. ධජ හා ලාංජන නොමැතිව සැමරුම් වැඩසටහන් පැවැත්විය හැකි බවයි.

අදාළ නියෝගයත් සමඟ යාපනය විශ්ව විද්‍යාල භූමියේ මහවිරු සැමරුම් වැඩසටහන් පැවැත්වීමට වන සැමරුම් ස්මාරකය සකස් කිරීමට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් අද කටයුතු ආරම්භ කොට තිබුණු බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් ගෙන් සිදුකළ විමසීමේදී ඔහු කියා සිටියේ සැමරුම් වැඩසටහන් පැවැත්වීම වැළැක්වීමට කිසිදු ආරක්ෂක අංශයකට අවසරය නොමැති බවයි.

මාධව කුලසූරිය – වවුනියාව

*****************************************

නරක් වූ පුවක් තොගයක් රට යැවූ සනත් ජයසූරිය ඉන්දියාවේදී කොටුවෙයි

(23.11.2018 – gossiplankanews.com)

නරක් වූ පුවක් තොගයක් ඉන්දියාවට එවීම සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය ඇතුළු තවත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකුට දෙසැම්බර් 23 දා මුම්බායිහි ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් නියෝග කර ඇත.

ඉන්දීය රුපියල් කෝටි ගණනක්‌ වටිනා මෙම පුවක්‌ තොගය නාන්පූර්හිදී අසු වී තිබේ. මේ සිද්ධිය ඉන්දීය බලධාරීන් විසින් රජයට දන්වා ඇත.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ශ්‍රී ලංකා රජයෙන් ලබාගත් බලපත්‍ර මත එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පුවක්‌ අපනයනයේ යෙදී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගම් මඟින් පුවක්‌ තොග ඉන්දියාවට හොර රහසේ අපනයනය කරන බව ඉන්දීය ආදායම් බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිලිප් සිවාරේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කරන පුවක්‌ සඳහා සියයට 108 ක බද්දක්‌ අය කෙරේ. මේ අතර ඉන්දීය මාධ්‍ය දක්‌වන්නේ එම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කර ව්‍යාජ සමාගම් ස්‌ථාපිත කර ඇති බවකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *