ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අලුත් සභාපතිවරයෙක් පත්කෙරේ

(26.11.2018 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ඉල්ලා අස්වීමේන් ඇතිවූ පුරප්ප්පාඩු සභාපති ධූරය සඳහායි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ වසර 5 ක් සදහායි ෴

*****************************************

කුලියාපිටියේදී සිදුවූ බිහිසුණු අනතුර (CCTV දර්ශන)

(26.11.2018 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සිදුවන්නේ පසුපසින් පැමිණි වෑන් රථයක් අදාළ යතුරුපැදියේ ගැටීමෙන්.

එහිදී වෑන් රථයේ ගැටුණු යතුරුපැදිය පෙරළී ගොස් එහි සිටි පැදිකරු බිම ඇදවැටෙන අතර ඔහුගේ සිරුර මතින් වෑන් රථයේ ඉදිරිපස රෝදයක් සහ පසුපස රෝදයක් ගම්න්කරනු ලබනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ වෑන් රථයේ රියදුරා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 07 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළා.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ මේවන විටත් ප්‍රථිකාර ලබන්නේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවටයි වාර්තා වන්නේ.

කුලියාපිටිය පොලිසීයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *