උතුරේ මහ විරු සැමරුම්

(27.11.2018 – 19:20 +0530 – hirunews.lk/sinhala)

උතුර පළාතේ් ස්ථාන කිහිපයක අද මහවිරු සැමරුම් පැවැත්වුණා. යාපනය, කෝපායි 51 වන යුද හමුදා බල සේනා මූලස්ථානය ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් එම සැමරුම සිදුකර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ආරක්ෂක අංශවල දැඩි නිරික්ෂණය යටතේ මෙම මහවිරු සැමරුම සිදුව ඇති අතර, යුද්ධයේදී මියගිය පුද්ගලයින් සිහිපත් කර පහන් දැල්වීමද සිදුකර තිබෙනවා.

එසේම යාපනය දිස්ත්‍රික්කයේ මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධාන කර තිබූ අතර, එම ස්ථානවලට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණා.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලය තුළද මහවිරු සැමරුම් ස්මාරකය අභියසදී එහි සිසුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහ විරු සැමරුම් වැඩසටහනක් පැවැත්වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *