මහ මැතිවරණයකට යෑමේදී සිදු කළ යුතු දෙයක් ගැන අස්ගිරි මහා ලේඛකාධිකාරී හිමියන් කියයි

(28.11.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ මහ මැතිවරණයක් උසො වූ ජනතා ව්‍යාපාරය කොළඹදී අද පස්වරුවේ පැවැත්වු සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

*****************************************

මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස්

(28.11.2018 – 20:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වුණේ වරින්වර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා.

පසුගිය මස 29 වන දින නව රජයට එක්ව සංචාරක වනජීවි අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා පසුගිය 14 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්ව එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරන බව සදහන් කළා.

කෙසේ වෙතත්, ඔහු පසුගිය 21 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද එක්වුණා.

වසන්ත සේනානායක මහතා නැවතත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වුණේ පසුගිය 26 වැනිදායි.

*****************************************

එජාපය විජාතික බලවේගයන්ට යටත් වෙලා

(28.11.2018 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වත්මන් එක්සත් ජාතික පක්ෂය විජාතික බලවේගයන්වලට යටත් වී ඇති බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය නැමැති නව පක්ෂය චෝදනා කරනවා.

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F

එම පක්ෂයේ නියෝජිතයන් මෙම චෝදනාව එල්ල කළේ සිය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව අද (28) කොළඹදී පවත්වමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *