මහ බැංකුව තමන්ට නොසළකන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

(28.11.2018 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය ප්‍රකාශ කළා.

එම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++++

දේශීය ව්‍යාපාරිකයෙක් ඉහළ ලන්සුවක් තබද්දී EAP ආයතනය කුණු කොල්ලයට විකිණු බව ජනපති කියයි

(28.11.2018 – 15:00 +0530 – hirunews.lk/sinhala)

ඊ ඒ පී ආයතනය විදේශීය සමාගමකට ලබාදීමේ ගනුදෙනුවේදී දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ බංකොලොත් වීමෙන් පසු මහබැංකුව යටතේ තිබු ඊ ඒ පී ආයතනය මිලදී ගැනීම සඳහා දේශීය ව්‍යාපාරිකයන් ද මිල ගණන් ඉදිරිපත් කර තිබු බවයි.

ඉන් වැඩිම මිල වූ අමරිකානු ඩොලර් මිලියන 70 ක පමණ ලන්සුව ඉදිරිපත් කර තිබුණේ දේශීය ව්‍යාපාරිකයෙක් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.

එහෙත් එය නොසලකා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කළමණාකරණ කමිටුව මගින් අමරිකානු ඩොලර් මිලියන 35 කට අදාළ ආයතනය සිංගප්පූරු සමාගමකට ලබාදුන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එම ගනුදෙනුවෙන් පසු එම විදේශීය ආයතනය සහ ව්‍යාපාරිකයන් මෙරට දේශපාලනඥයන් කිහිප දෙනෙකුට මුදල් ලබාදී ඇතැයි පැහැදිළි සාක්ෂි පවතින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නා.

මෙය මෑත කාලීනව සිදුවු විශාල වංචාවක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

*****************************************

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට අත්හිටවූ සිර දඬුවම්

(26.11.2018 – 16:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද වසර 5 ක අත්හිට වූ සිර දඬුවම් නියම කළා.

ඒ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා අධි ප්‍රමාණ අගයකට ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගෙන රජයට අලාභයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්.

ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අද කැදවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද පැනවීමටයි.

මේ අතර, වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගත කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *