මුදල් පනතක් සංශෝධනය කළ හැකි ආකාරය සිසිර කියයි

(29.11.2018 – 22:40 +0530 – sinhala.adaderana.lk)

මුදල් පනතක් සංශෝධනය කළ හැක්කේ තවත් පනතක් ගෙන ඒමෙන්ම පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර කුමාර ජයකොඩි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ජනතාවට සෘජුව බලපාන සහන රැසක් මේ වන විට ලබාදී ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ එළඹෙන මාසය තුළ තවත් සහන රැසක් ලබාදීමට ආණ්ඩුව පියවර ගන්නා බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

+++++++++++++++++++++++++++++++++++++

කිසිම කාලයක පාර්ලිමේන්තුවේ හිස් න්‍යාය පත්‍රයක් පැමිණ නෑ

(29.11.2018 – 19:26 +0530 – sinhala.adaderana.lk)

කිසිම කාලයක පාර්ලිමේන්තුවේ හිස් න්‍යාය පත්‍රයක් පැමිණ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

අද(29) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

කිසිදු කාල සීමාවකදී පාර්ලිමේන්තුවේ හිස් න්‍යාය පත්‍රයක් පැමිණ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නොවුනත්, නොහිතන නමක් වුවද නම් කර යැවීමේ ඉඩකඩක් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මැතිවරණයක් ලබාදීමෙන් පසු ජයග්‍රහණය කරවීම ජනතාව විසින් සිදු කරනු ඇතැයිද ඔහු පැවසීය.

එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජනතාවට සෘජුව බලපාන සහන රැසක් මේ වන විට ලබාදී ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු පවසන්නේ එළඹෙන මාසය තුළ තවත් සහන රැසක් ලබාදීමට ආණ්ඩුව පියවර ගන්නා බවයි.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *