දඹර අමිලයාට ලිට්‍රෝ ගිණුමකින් මුදල් දුන් බවට හෙළිවෙයි

(29.11.2018 – 21:55 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා පැවසුවේ, 2015 වසරෙන් පසුව පූජ්‍ය දඹර අමිල හිමියන්ට මසකට රුපියල් අනූ පන් දහසක මුදලක් ලිට්ට්‍රෝ සමාගමේ රහස්‍ය ගිණුමකින් ලබා දීමට කටයුතු කළ බවයි.

අදාළ නඩුව අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

අද දිනයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත තමානගම මහතා සාක්ෂි ලබා දුන්නේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මතු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු කියා සිටියේ 2015 වසරෙන් පසුව පුජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රවාහන දීමනාවක් ලෙස මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් ගෙවීමට සමාගමේ පාලනාධිකාරියෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.

එයට තමා විරුද්ධ වූ බවත්, ඉන් පසුව මසකට රුපියල් අනූපන්දහසක් බැගින් සමාගමට අයත් රහස් ගිණුමකින් උන්වහන්සේට ගෙවීමට පියවර ගත් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

තවදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ මේ අයුරින් සමාගමේ සේවකයින් නොවන පුද්ගලයින් 39 දෙනෙකු සඳහා ගෙවීම් සිදුකර ඇති බවයි.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට පැවැත්වෙයි.

++++++++++++++++++++++++

01.12.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *