මාරවිල දී මාරක රිය අනතුරක් – කාන්තාවන් තිදෙනෙක් මරුට

(29.11.2018 – 17:26 +0530 – sinhala.adaderana.lk)

මාරවිල පොලිස් වසමේ නාත්තණ්ඩිය වලහපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වු සුඛෝපභොගී බස් රථයක් ඕලන්ද ඇලට පෙරළී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බස් රථයේ ගමන් කළ යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 3 ක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ තවත් මගීන් 19 දෙනෙකු මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

++++++++++++++++++++++++

https://1.bp.blogspot.com/-zWJ_lisdgdU/W__UCid5ooI/AAAAAAABFOM/pq9LZ4I2pcMOHgV7jX_dcmdAAf7lLzy3ACLcBGAs/s1600/Jafna%2BCol.jpg
https://3.bp.blogspot.com/-aQ86eVEVNrQ/W__UCUAdZOI/AAAAAAABFOI/Pi1OhWCv2ms8KHy18zwzx31HBKrPOYvUACLcBGAs/s1600/Jafna%2BCol%2B02.jpg

++++++++++++++++++++++++

*****************************************

මහ මඟ නැවතුන තවත් තරුණ ජීවිතයක් – CCTV දර්ශන සහිතයි

(29.11.2018 – 17:01 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර-මහනුවර ප්‍රධාන මාර්ගයේ බොරළුගොඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් මියගොස් තිබේ.

ඊයේ (28) පස්වරුවේ හොරණ සිට ඉංගිරිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක් පසුකර යාමේදි ඉංගිරිය සිට හොරණ දක්වා ධාවනය වූ මොටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරු පැදියේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් එක් තරුණයෙක් එම අවස්ථාවේ ජිවිතක්ෂයට පත් වෙයි.

මෙම අනතුර සිදුවන ආකාරය අසල තිබු ආරක්ෂිත කැමරාව සටහන්ව තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *