කුරුණෑගලින් වළාකුළුවලට සමාන ද්‍රව්‍යයක් හමුවේ

(29.11.2018 – 12:39 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ පිහිටි වෙල්යායක තිබී වළාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවීම ස්වභාවික සංසිද්ධියක් බවට අනාවරණ වී තිබෙනවා.

අද අලූයම මෙම ද්‍රව්‍යය හමුවු අතර, වෙල්යායේ සැළකිය යුතු ප්‍රදේශයක් පුරා එය පැතිරී තිබූ බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

හිරු එළිය පතිත වනවිට එය ක්‍රමයෙන් දියවී යන ස්වභාවයක් දක්නට ලැබුණු බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

සිද්ධිය සැළවීමත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළා.

මෙය ස්වභාවික සංසිද්ධියක් බවයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ අනුර විරාජ් දිසානායක මහතා කියා සිටියේ.

*****************************************

අගමැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සුවදුක් විමසයි

(29.11.2018 – nethnews.lk)

රක්ෂිත බන්ධනාගාරගතකොට සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද එහි පැමිණ තිබෙනවා.ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියාගේ සුවදුක් විමසීමෙන් පසු අග‍්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් බන්ධනාගාර රෝහලට ගොස් මේ වනවිට මරණ දඩුවමට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාද හමුවූ ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

අග‍්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් සිරදඩුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද හමුවී සුවදුක් විමසා තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *