එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක්

(30.11.2018 – 13:44 +0530 – lankadeepa.lk)

උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ ෴

එෆ්.අස්ලම්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Ranil the traitor does it again. He has promised to repeal laws that bans terroist activities. he has promised not to do anything in East and North provinces without consent of Tamil politiciams. This tantamounts to giving into terrorism, and allowing the pasrtition of the country giving tamils upperhand regarding the fate of the Sinhala and Muslim people. It is time Sinhal and Muslim people get to the street and demosntrate their displeaure on Ranil-TNA pact. Vote this traitor out and send him to oblivion. Despicable man trying to hang on to power through any means.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *