මරාදමනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට උසස් වීමක්

(30.11.2018 – 20:41 +0530 – sinhala.adaderana.lk)

අද (30) අලුයම වෙඩි තැබීමකින් සහ ගෙල කපා දැමීමෙන් ඝාතනය කර තිබූ මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝගයෙන් පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කොට තිබෙන බව පොලිස්මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට උසස් වීමක්

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අද අලුයම වෙඩි තැබීමකින් සහ ගෙල කපා දැමීමෙන් ඝාතනය කර තිබුනි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අද පස්වරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුලු කණ්ඩායමක් මඩකලපුව වෙත පැමිණියේය.

වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඊයේ පස්වරු 6 ට පමණ එම පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධකයේ සේවයට වාර්තා කර තිබේ.

එම පොලිස් මාර්ග බාධකය පිහිටා ඇත්තේ වව්නතිව් පොලිස් ස්ථානයට මීටර් 800 ක් පමණ දුරිනි.

එවන් පසුබිමක අද (30) උදෑසන 6 ට පමණ එම ස්ථානයට පැමිණි තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය ගිය පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ මළ සිරුරු දැක තිබුණි.

ඒ අනුව වව්නතිව් පොලිසිය හා තවත් පොලිස් ස්ථාන කිහිපයක් එක්ව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර එහිදි අනාවරණ වි ඇත්තේ අද අලුයම 3.30 ත් 4 ත් අතර කාලයේදි මොවුන් ඝාතනය කරන්නට ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ලේ පදිංචිව සිටි වයස අවුරුදු 35 ක් වන පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න හා කල්මුණේ පදිංචිව සිටි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් නමැති පොලිස් කොස්තාපල්වරු දෙදෙනායි.

සිද්ධියේදි ගනේෂ් දිනේෂ් නමැති කොස්තාපල්වරයාගේ හිසට ටි 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

මෙහිදි ඝාතනය වු අනෙක් පොලිස් කොස්තාපල්වරයා වන නිරෝෂන් ඉන්දික නමැත්තාගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඇති බවත් මියයාමට පෙර ඔහු දැඩි පොරබැදීමක නිරතව ඇති බවත් සිදු කළ මුලික පරීක්ෂණවලදි අනාවරණ වි තිබේ.

ඝාතනයෙන් පසු පොලිස් කොස්තාපල්වරු දෙදෙනා සතුව තිබු රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙක ද ඝාතකයින් විසින් රැගෙන ගොස් තිබේ.

වව්නතිව්හි පැවැත් විමට සුදානම් වු මහවිරු සැමරුමට අදාළව පසුගියදා පාන්ඩිඅඩි LTTE සොහොනේ සිදු කළ සැරසිලි ඉවත් කිරීමට පොලිසි කටයුතු කර තිබු අතර ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කළේයද යන්න පිළිබඳ පරීක්ෂණවලදි අවධානය යොමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානිය මහේස්ත්‍රාත් පරීක්ෂණය මඩකලපුව මහේස්ත්‍රාත්වරයා විසින් අද පෙරවරුවේ සිදු කළ අතර මඩකලපුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද සිද්ධිය වු ස්ථානය නිරීක්ෂණය කළේය.

සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මඩකලපුව බලා පිටත් කර හැර තිබුණි.

මේ අතර අද පස්වරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුලු කණ්ඩායමක් මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසිය.

++++++++++++++++++++++++

01.12.2018

++++++++++++++++++++++++

01.12.2018

++++++++++++++++++++++++

01.12.2018

++++++++++++++++++++++++

01.12.2018

++++++++++++++++++++++++

01.12.2018

++++++++++++++++++++++++

03.12.2018
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • It sees that people likeTNA MPs and and Vijayakala are now sponsoring terrorism. It is time the PM bring back emergency powers and reinforce army presence in the East and the North, and return them to the streets. It is very likely that under Ranil’s policy on hanging on to power even with the aid of tamils on promises of partition of the country is encouraging terrorists to raise their ugly heads again. Thank goodness MR has been recalled back. Very soon we will begin to hear of bomb explosions in Colombo if these terrorists were not nipped in the bud.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *