ලේක්හවුස් අල්ලන්න ගිය සමනල රංවුවක් පිරිතක් අහගෙන අධ්‍යාත්මික වී ගෙදර එයි…

(01.12.2018 – 13:20 +0530 – lankacnews.com)

ඉකුත් ඔක්තෝම්බර් මස 26 වනදා නව රජයක් බලයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරනු ලැබූ ඇතැම් ආයතන වලින් එම ආමාත්‍යාංශ වල රාජකාරියේ නිරත වූ අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්යමණ්ඩල වලටද ඉන් ඉවත්වීමට සිදුවුණි. විශේෂයෙන්ම රජය සතුව පවතින මාධ්‍ය ආයතන තුල නව රජය බලයට පත්වීමත් සමග උණුසුම් සිදුවීම් වාර්තා විය.

ඇතැම් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නැවතත් එජාප රජයක් බලයට පත්වූ සැණින් එම සිදුවීම් වලට වගකිව් යුත්තන්ට හොද පාඩමක් උගන්වන බවද කියා තිබුනේය. මේ අතරවාරයේදී ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත ලේක්හවුස් ආයතනය ඉදිරිපිට උද්ගෝෂණයක් කිරීමට සැලසුම් කර තිබුණි.

මෙහිදී ලේක්හවුස් ආයතනය තුල සිටින නිලධාරින් උද්ගෝෂණය පැවැත්වෙන මොහොතේ එලියට කැදවාගෙන පැමිණ ඔවුන් සමග මෙම උද්ගෝෂණය සිදුකිරීමට මංගල සමරවීරගේ උපදෙස් මත පාටලී චම්පික හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වන ධනුෂ්ක රාමනායක සහ ජාතික රුපවාහිනියේ හිටපු සභාපතිනිය වන ඉනෝකා සත්‍යංගනී සැලසුම් කර තිබුණි.

නමුත් මොවුන්ගේ සැලසුම වත්මන් ලේක්හවුස් ආයතනයේ ඉහල නිලධාරීන් දැනගත්තේය. ඉක්මනින්ම ඔවුන් විසින් පිරිතක් සහ දානමය කටයුත්තක් ලේක්හවුස් ආයතනය තුල සංවිධානය කළේය. පසුව අද උදැසන රාජකාරියට ලේක්හවුස් ආයතනයේ නිලධාරින් පැමිණෙන විට ඔවුන්ට දැකගත හැකිවුයේ පුදුම දෙයකි. කිසිවෙකුත් නොදන්නා දානමය කටයුත්තක් එහි සංවිධානය කර තිබු අතර සියලු නිලධාරින් එයට සහභාගී විය.

එජාප කණ්ඩායම සැලසුම් කල පරිදි ලේක්හවුස් ආයතනය අසලට උද්ගොෂණයට පැමිණියේය. ශබ්ධ විකාශන තුලින් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේය. සැලසුම් කල පරිදි ලේක්හවුස් ආයතනයේ නිලධාරින් මෙම උද්ගොෂණයට සහභාගී කර ගැනීමට නොහැකි විය. ඔවුන් දානමය කටයුත්තට සහභාගී විය. උද්ගොෂණයට පැමිණි අතලොස්සටද කැ ගැසීමටවත් නොහැකි විය. අවසානයේ එජාප කණ්ඩායම පිරිත් අසා අධ්‍යාත්මික වී ගෙදර යන්නට විය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

– SLD

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *