ආචාර්ය නාලක ගොඩහේවා ගාල්ලේදී වත්මන් ව්‍යවස්ථා අර්බූදය ගැන කල විශිෂ්ඨ පැහැදිලි කිරීම

(01.12.2018 – Nalaka Godahewa FB)

2015 යහපාලන ජයග්‍රහණය පිටුපස අදිසි බලවේග රැසක් හිටියා. බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්.

ඒ බලවේග යහපාලන රජයෙන් බලාපොරොත්තු වූ කාර්‍යභාරය ඉටුකිරීම සදහා යම් කිසි කාලයක් ඔවුන්ට ගැලපෙනම නායකයා වූ රනිල් වික්‍රමසිංහව බලයේ තබා ගන්නට අවශ්‍ය වුනා.

ඒ නිසා තමයි 19 ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වසර 4 1/2 විසුරවන්න බැහැ කියන 70(1) කොන්දේසිය රිංගවා ගත්තේ ඒ අනුවයි.

නමුත් ඔවුන්ට යමක් වැරදුනා. 33(2) වගන්තිය අනුව ජනාධිපතිවරයාට හැකියාව තිබුනා පාර්ලිමේන්තුව විසුරවන්න.

අද උසාවියේ අභියෝගයට ලක්ව ඇත්තේ මින් කුමක්ද බලගතු යන්නයි.

අද ජනතාව අසන ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ඉක්මන් වුනාද යන්නයි.

කිසිසේත්ම නැහැ.

ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන ඔහු රට ලොකු අනතුරකින් ගලවා ගත්තා.

ඒ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවක ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි.

නව ව්‍යවස්ථාව සම්මත උනා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වෙනවා.

ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ විදියට අනිවාර්යයෙන්ම පත්වන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ජනාදිපතිවරණයල් 2019 එන්නෙ නැහැ.

අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වෙනවා.

ඒ සදහා සීමා නීර්න කමිටුවකින් වාර්ථාවක් දියයුතුයි අලුතින් පත් වු ජනාධිපතිවරයාට.

නමුත් මේ සදහා කොපමන කාලයක් දෙන්වාද, එය යලිත් කල් දමන්වාද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකු විසිනුයි.

ඒ කියන්නේ තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැහැ.

දැන් ඔබට තේරුම් යනවා ඇති තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බව.

අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයයි මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම බාරගැනීමෙන් වැලකුනේ.

නමුත් මහින්ද රාජපක්ෂ මහතාටවත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කන්ඩායමටවත් අවශ්‍ය නැහැ මේ ආකාරයට බලයේ සිටින්නට.

අපට අවශ්‍ය මැතිවරණයකට යන්නයි. ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දෙන්නයි.

අපි සියලු දෙනාම එක්ව ඒ සදහා හඬ නගමු.

+++++++++++++++++++++++++++++++++++++

ජාතික සංඝ සභාව රැස්වූදා

Posted by Nalaka Godahewa on Friday, November 30, 2018
01.12.2018

+++++++++++++++++++++++++++++++++++++

01.12.2018

+++++++++++++++++++++++++++++++++++++

01.12.2018

+++++++++++++++++++++++++++++++++++++

(01.12.2018)
හිනිගත්හේන ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක මහතා පවතින දේශපපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ විපක්ෂයේ මන්තී‍්‍රවරු ජනාධිපතිවරයා සමග කොතරම් සාකච්ඡා පැවැත්වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ජනාධිපතිවරයා කිසිඳු තීරණයකට එළඹෙන්නේ නොමැති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *