අදත් (02) අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(02.12.2018 – 14:35 +0530 – sinhala.adaderana.lk)

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි එකම ක්‍රමය වන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය යන කරුණු යටතේ අග්‍රාමාත්‍ය කර්යාලයේ දි අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙ බව ප්‍රකාශ කළේය.

කැඳවා ඇති මහ මැතිවරණයක් නොපවත්වන ලෙස ඉල්ලන දේශපාලන පක්ෂ සිටින එකම රට ලංකාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිවරයා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍ර නොවැම්බර් 19 හා 26 අතර නාම යෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දා මුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කර තිබු බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

ඒ අනුව කටයුතු සිදුවුවා නම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වන බවද අග්‍රාමාත්‍යවරයා එහි දි සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ සම්පූර්ණ පිටපත පහත දැක්වේ :

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *