දඹර ලිට්රෝ අමිලයාට සහ තවත් 57 කට රු. ලක්ෂ දහසක් ?

(03.12.2018 – 23:07 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුලු පුද්ගලයින් 57 දෙනාට ඉකුත් වසර තුන ඇතුලතදී ලිට්රෝ ගෑස් සමාගමෙන් රුපියල් ලක්ෂ දහසකට අධික මුදලක් ගෙවා ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්ථවාදය දරුවෙක් නම් එම දරුවාගේ පියාට තැබිය යුතු නම වන්නේ ‘එක්සත් ජාතික පක්ෂය’ ලෙසද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එමෙන්ම ප්‍රභාකරන්ට බෝම්බෙන් කර ගත නොහැකි වු දෙය දෙමළ ජාතික සංධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පෑනෙන් කර ගැනීමට උත්සහ කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

*****************************************

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් රෝහලේ

(03.12.2018 – 17:58 +0530 – hirunews.lk/sinhala)

හාලි ඇල ප්‍රදේශයේදී කාන්තාවක් පදවාගෙන ගිය යතුරු පැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පදවා ගෙන ගිය කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් හාලි ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර,මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් :

මේ අතර හාලිඇලදී යතුරුපැදයක් මාර්ගය ආසන්නයේ රැදී සිටි දරුවෙකු වඩාගත් මවකගේ ගැටෙන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණේ මෙලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *