පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කලත් අගමැති ධුරය රනිල්ට නොදෙන බව ජනපති කියයි

(03.12.2018 – 21:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

මේ අතර ජනාධිපතිවරයා විසින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කලද අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට නොදෙන බවයි.

*****************************************

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළැයි, රන්ජන් රාමනායකට නොතීසි

(03.12.2018 – 17:07 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නොතීසි නිකුත් කෙරුණා.

ඒ, පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත එලෙස නොතීසි නිකුත් කරන්නැයි අගවිනිසුරුවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව නීතිපතිවරයාට ද ලබන 7 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *