දින 7 ක් තුළ දේශපාලන අර්බුදය අවසන් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(04.11.2018 – 16:57 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි සතිය තුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට තුළ දේශපාලන ගැටුමක් නොමැති බවත් රට තුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් ඉවත් වන්න ඉවසීමෙන් කටයුතු කළ ආකාරයට වඩා පසුගිය අවුරුදු තුන හමාර තුළ ඉවසීමෙන් කටයුතු කළ බව ජනාධිපතිවරයාගේ සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, රට විනාශ කළ බවත් යම් ප්‍රමාණයකින් ජනාධිපතිවරයාද විනාශ කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහකතා පත්කිරීම හදිසි තිරණයක් නොවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීම,පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම අතුළු ගැසට් නිවේදන 5 ක් සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් කරනු ලැබුවේ රට බේරා ගැනීමේ අරමුණ් බව පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමත්‍ය ධූරය සඳහා කිසි ලෙසක පත් නොකර බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් නොකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනාධිපතිවරයාගේ අතර ඇති පුද්ගලික ප්‍රශ්නයක් නිසා නොවන බවත් එලෙස සිදුකරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ක්‍රමය, දර්ශනය රටට නොගැලපෙන නිසා වෙන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

04.12.2018

+++++++++++++++++++++++++++++++++++++

04.12.2018

+++++++++++++++++++++++++++++++++++++

අතුරු තහනමට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට

(04.12.2018 – 18:51 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව ඇති පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නීතීඥවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු එහි පාර්ශවකරුවන්.

එසේම අග්‍රාමාත්‍යවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් දෙකක් ඉදිරිපත් කෙරුණා.

එක් පෙත්සමක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අතර, අනෙක් පෙත්සම ඉදිරිපත් කළේ දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

අභියචානාධිකරණය ලබාදුන් මෙම අතුරු තහනම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස අද ගොනුකළ අභියාචනා පෙත්සම්වලින් ඉල්ලා තිබෙනවා.

මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට තරම් අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද පෙත්සමේ සඳහන්.

මෙම අභියාචනා ගොනු කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලූ පාර්ශව කිහිපයක මන්ත්‍රී කණ්ඩායම් සහ මහින්ද රාජපක්ෂ අතර අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

++++++++++++++++++++++++

අතුරු තහනම් නියෝගයට එරෙහි අභියාචනය අධිකරණය හමුවට

(04.11.2018 – 15:35 +0530 – sinhala.adaderana.lk)

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 තිදෙනා නම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ තම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙවැනි තරම් නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් ඊයේ(03) දින නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමා අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරවරයා සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

++++++++++++++++++++++++

අතුරු තහනම් නියෝගය ගැන නීතිවේදීන්ගේ අදහස

(04.11.2018 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (03) නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම අතුරු තහනම් නියෝගයත් සමඟ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ ධුරවල බලතල පවතිනවා ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළේ විවෘත විශ්විද්‍යාලයේ නීති පිඨයේ පීඨාධිපති නීතිඥ ආචාර්ය රාජා ගුණරත්න මහතා ගෙන්.

ඔහු කියා සිටියේ කිසිදු දිනයක ලොව කිසිදු රටක සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම අක්‍රිය වන ආකාරයට මෙවැනි ‘ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක්’ සඳහා වාරණයක් නිකුත් කර නොමැති බවයි.

ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ හරහා අදාළ වාරණ නියෝගයේ ක්‍රියාකාරීත්වය නවතින බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයට සහ අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන් පවතින බවත් විවෘත විශ්විද්‍යාලයේ නීති පිඨයේ පීඨාධිපති නීිතිඥ ආචාර්ය රාජා ගුණරත්න මහතා කියා සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් ගොනු කර තිබුණා.

දින දෙකක විභාගයකින් අනතුරුවයි අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

පෙත්සම් විභාගය ලබන 12 වන දා ආරම්භ වන අතර, එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතීසි ද නිකුත් කෙරුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *