පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 6

නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්

(05.12.2018 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරුතුරු අනාවරණ කළ නාමල් කුමාර මහතා අද තවත් විශේෂ හෙළිදරව්වක් සිදුකළා.

ඒ, අම්පාරේදී ජන හමුවක් පවත්වමින්.

මේ අතර, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා.

ඒ ඔහුව අද පෙරවරුවේ කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

++++++++++++++++++++++++

නාමල් කුමාරගේ දුරකතනය විදෙස් රටකට

(05.12.2018 – 21:30 +0530 – lankadeepa.lk)

දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දුන්නේය.

ඒ අනුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩයක් වූ අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එය මුදා හරිනු ලැබීය ෴

++++++++++++++++++++++++

සිංහලේ ජාතික සංවිධානයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්

(06.12.2018 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා විසින් හෙලිකළ සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදුන්නා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නාමල් කුමර මහතාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ හඬපට කිහිපයක් නාමල් කුමාර මහතා මීට පෙර මාධ්‍යයට නිකුත් කළා.

අදාළ හඩ පට පිළිබද පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක් සිදු කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

මේ අතර ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා හෙළි කළ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදුන්නේ අද පෙරවරුවේයි.

++++++++++++++++++++++++

06.12.2018

++++++++++++++++++++++++

09.12.2018

++++++++++++++++++++++++

නාමල් කුමාරගේ දුරකථනයෙන් මැකූ දත්ත රැසක් හමුවෙයි – රෝහලේ සිටින දරුවා බලන්න නාලක සිල්වාට අවසර

(19.12.2018 – 13:07 +0530 – hirunews.lk/sinhala)

හොංකොං රාජ්‍යයට යැවූ දූෂණ විරෝධී බලකායේ කැදවුම්කරු නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ තිබී මකා දැමූ දත්ත රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

නාමල් කුමාරගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පසුගිය 14 වනදා නැවත දිවයිනට පැමිණියා.

එහිදී අදාළ විශේෂඥවරුන් එම ජංගම දුරකථනයෙන් මකා දමා තිබූ හඩ පට ගණනාවක් සොයාගෙන තිබෙනවා.

ඊට අදාළ හඩ පට ඇතුළත් දත්ත බහලුම සහ එම විශේෂඥයින් ලබාදුන් වාර්තාවද අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන වසරේ ජනවාරි මස 02 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මීට අමතරව ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නිියෝග කෙරුණේ.

එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේ ප්‍රකාශ කළේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් එවැනි අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ බලයක් නොමැති බවයි.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ දරුවෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් මීගමුව රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බවට නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සළකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට දරුවා බැලීමට සඳහා රෝහල වෙත රැගෙන යන ලෙසටයි.

++++++++++++++++++++++++

19.12.2018

++++++++++++++++++++++++

මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ චෝදනාවට නාමල් කුමාරගෙන් පිළිතුරු

(20.12.2018 – 21:03 +0530 – hirunews.lk/sinhala)

ජනපති ඝාතන කුමන්ත්‍රණය, ගොතන ලද නිර්මාණයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනාවලට නාමල් කුමාර මහතා අද අම්පාරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිළිතුරු ලබාදුන්නා.

20.12.2018

+++++++++++++++++++++++++++++++++++++

20.12.2018

+++++++++++++++++++++++++++++++++++++

නාමල් කුමාරගෙන් තවත් චෝදනාවක්

(25.12.2018 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර චෝදනා කරනවා.

අම්පාර ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.

++++++++++++++++++++++++

25.12.2018

++++++++++++++++++++++++

නාමල් කුමාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

(01.01.2019 – 19:34 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් සිදුකළා.

ඒ, ගොවීන්ට පොහොර ලබාදීමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලමින්.

අනතුරුව පිටතට පැමිණි පසුගිය කාලය තුළ අවධානයට යොමුවූ ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

++++++++++++++++++++++++

හොංකොං විමර්ශනයේදී සොයාගත් නාමල් කුමාරගේ දුරකථන දත්ත ගැනත් රස පරීක්ෂක වාර්තාවක් කැඳවයි

(02.01.2019 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත්, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 25 වනදායි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ජාතිකයාද ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

එමෙන්ම පරික්ෂණ සදහා හොංකොං වෙත යවන ලද දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ ප්‍රතිඋත්පාදනය කරන ලද පැයක හඩ පට සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාවක් ලබාගැනීමටද අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

හොංකොං හිදී නාමල් කුමාරගේ ජංගම දුරකථනයේ දත්ත ප්‍රතිඋත්පාදනය කර සංවාද 427 ක්, වීඩියෝ දර්ශන 26 ක් සහ ඡායාරූප 4320 ක් සොයාගෙන ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පැයක සංවාද ඇතුලු අදාළ තොරතුරු ඇතුළත් සංයුක්ත තැටි 3 ක් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළා.

ඒවා නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර සිදුවුණු සංවාද දැයි සොයාබැලීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවිය යුතු බවට කළ ඉල්ලීම අනුවයි අධිකරණය ඒ සඳහා අවසර ලබාදුන්නේ.

මේ අතර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඇතුළත් වී ඇති නාමල් කුමාර පුහුණුව අතරතුරදී පලාගොස් ඇති බවත්, ඒ පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මක බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී ප්‍රකාශ කළා.

++++++++++++++++++++++++

දඬුවම් විඳීමට සූදානම් බව නාමල් කුමාර කියයි

(03.01.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

තමන් කූඨ ලේඛන සැකසීම පිළිබඳ අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සත්‍ය බවත්, ඒ වෙනුවෙන් ලබාදෙන ඕනෑම දඬුවමක් විඳීමට සූදානම් බවත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වරකාපොල ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

++++++++++++++++++++++++

නාමල් කුමාරට වාරණයක්

(04.01.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala)

සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා එල්ලකර ගැනීම හරහා අපරාධ රැසක් අනාවරණ වෙමින් පවතින බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නාමල් කුමාර මහතාට අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ඔහුගේ ප්‍රකාශ පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළා.

+++++++++++++++++++++++++++++++++++++

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 5

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *