සිංගප්පූරු ගිවිසුම ගැන කමිටු වාර්තාව ජනපතිට

(10.12.2018 – 20:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා මීට පෙර විශේෂඥ කමිටුවක් පත් කළ අතර, ඊට අදාළ වාර්තාවයි අද භාර දෙනු ලැබුවේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය, දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් කමිටුවේ සභාපතිත්වය දරනු ලැබුවා.

මෙම ගිවිසුම නිත්‍යානුකූල නොවන ලෙසට සිදුවී ඇති බවත්, ඊට නිසි අනුමැතියක් සිදු නොවී ඇති බවත් කමිටුවේ වාර්තාව මගින් අනාවරණ වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

*****************************************

රනිල්ගේ මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් වාසු හෙළිකරයි

(10.12.2018 – 22:18 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා.

ඔහු මේ චෝදනාව එල්ල කළේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

*****************************************

ඇමරිකානු තානාපතිනිය මල්වතු – අස්ගිරි නාහිමිවරුන් බැහැදකී

(10.12.2018 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් අද (10) උදෑසන අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබෙනවා.

පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැ දුටු ඇය පසුව මල්වතු විහාරය වෙත ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවී ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුවයි ඇය ශ්‍රී දළදා මාලිගාවට ගොස් ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය කඩිනමින් විසඳීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙලිප්ස් පවසනවා.

ඇය මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *