නඩු තීන්දුව කඩිනමින් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි

(10.12.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala)

තීන්දුව ගැන නිදහස් පක්ෂය අපේක්ෂාවෙන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම්වලට අදාළ නඩුවේ තීන්දුව කඩිනමින් ලැබෙන්නේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

තීන්දුව ඉක්මනින් දෙන්නැයි, ජනපතිගෙන් අගවිනිසුරු වෙත ඉල්ලීමක්

(10.12.2018 – 17:31 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ ඉදිරි මහ මැතිවරණය සඳහා පොදු සන්ධානයකින් තරඟ කිරීමට කටයුතු කරන ලෙසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

කෙසේ වෙතත්, මෙම හමුවට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණේ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදියි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

11.12.2018

+++++++++++++++++++++++++++++++++++++

සජිත් කැමතියි ; බයයි – පා.ම. රෝහිත අබේගුණවර්ධන

(10.12.2018 – 19:03 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය ධුරය ගැන කැමැත්තක් ඇතත්, එය භාර ගැනීමට කිසියම් බියක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *