මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මරණ දඬුවම පමාවීමට හේතුව ජනපති හෙළි කරයි

(10.12.2018 – 16:45 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආයතන සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

*****************************************

රන්ජන්ට එරෙහි අපහාස නඩුව ජනවාරියට කල් යයි

(10.12.2018 – 15:42 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට සඳහන් පෙත්සම් කැදවුණා.

නඩු ශාලාවේ ප්‍රක්ෂේපන යන්ත්‍රයක් ද සවි කර තිබුණේ රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ චෝදනාවලට පදනම් වූ ප්‍රකාශය නඩු විභාගයේදී පෙන්වීම සඳහායි.

සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා නැගීමට හේතු වූ කරුණු සහ ඉන් අනතුරුව සිදුකළ නෛතික ක්‍රියාදාමය සම්බන්ධයෙන් විග්‍රහයක් කළා.

නීතිඥවරයා කියා සිටියේ පසුගිය වසරේ අගෝස්තු මස කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා පෙත්සම් දෙකක් ගොනු කළ බවයි.

ඒ අනුව අදාළ ප්‍රකාශයේ සම්පූර්ණ හඬ පටය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට යොමු කර නඩු නිමිත්තක් ඇති නිසා රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා ඇතුළත් ආඥාවක් සකස් කළ බව නීතිඥවරයා සඳහන් කළා.

එය ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන රහිතව පිළිගත් බව නීතිඥවරයා පවසා සිටියා.

කෙසේ වෙතත්, රන්ජන් රාමනායක චෝදනා ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට එරෙහිව නඩුව විභාගයට ගන්නා බව සඳහන් කළ නීතිඥවරයා සාක්ෂි විභාගය ආරම්භ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදුන්නා.

සිය සාක්ෂිය අවසන් කරමින් ඔහු පැවසුවේ රන්ජන් රාමනායකට එරෙහි චෝදනා ඇතුළත් ආඥාව නිසි ක්‍රමවේදයට අනුව සහ නීත්‍යානුකූලව සකසා ඇති බවට තමන් පිළිගන්නා බවයි.

වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන වසරේ ජනවාරි 28 සිට අඛණ්ඩව දින 3ක් කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එම්.ඒ. සුමන්දිරන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ජනවාරි 14 හෝ ඊට පෙර වග උත්තරකාර පාර්ශවයේ සාක්ෂි ලැයිස්තුව ගොනු කරන ලෙසයි ෴

*****************************************

ඇමතුමකින් ජනතාව රැවටූ ජාවාරමක්

(20.12.2018 – 19:06 +0530 – sinhala.adaderana.lk)

ත්‍යාග ලබා දෙන බව පවසමින් කෙටි පනිවිඩ සහ ඇමතුම් මඟින් දුරකතන ග්‍රාහකයන් රවටා ඔවුන්ගෙන් මුදල් ගැරීමේ ජාවාරමක් පසුගියදා නීතියේ රැහැනට හසුකර ගැනුණි.

අද උකුස්සාගේ අනාවරණය ඒ පිළිබඳවයි.

මෙරට ජංගම දුරකතන ග්‍රාහකයන් හට පසුගිය දිනවල අනපේක්ෂිත එස්.එම්.එස් පනිඩිඩ , ඊමේල් පනිවිඩ සහ ෆේස්බුක් පණිවිඩ ලැබී තිබුණි.

ඒ සුඛෝපභෝගී මෝටර් රථ සමාගමක සංවත්සරයක සිදු කළ දිනුම් ඇදීමකින් වටිනා ත්‍යාග රැසක් ඔවුන්ට හිමි වී ඇති බවත් , එම ත්‍යාගය ලබැගැනීමට රුපියල් 93,800 ක මුදලක් පළමුව බැංකු ගිණුමකට බැර කළ යුතු බවත් පවසමින්.

ඒ අනුව ඇතැමුන් එකී මුදල අදාල බැංකු ගිණුමට බැර කර ඇති මුත් ඔවුන්ට එම ඇමතුම දුන් පාර්ශ්ව වෙතින් ඉන් පසු කිසිදු ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මෙම ජාවාරමට හසු වූ විශාල පිරිසක් ඒ ගැන දැනුම්දීමෙන් අනතුරුව සැකකරුව්න නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා උකුස්සා සමගින් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එක්ව රහසිගත මෙහෙයුමක් දියත් කළේය.

ඒ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේයි.

එහි පළමු පියවර ලෙස සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් උකුස්සා සමඟින් ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපබෝගී නිවසක් වටලනු ලැබීය.

එහිදී කළු ජාතිකයින් තිදෙනෙකු පළමුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙසින්.

පසුව මොවුන් රැඳී සිටි නිවසේ සිදුකළ පරීක්ෂණයේදී මොවුන්ගේ මෙම ජාවාරමට හසු වූ විශාල පිරිසක් මොවුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති රිසිට්පත් රැසක් සොයා ගනු ලැබීය.

එමෙන්ම මොවුන්ගේ පරිගණක තුළ තිබී ශ්‍රී ලාංකිකයින්ගේ දුරකථන අංක ලක්ෂ ගණක්ද සොයා ගත් පොලිස් නිලධාරීන් මෙහි තිබී මොවුන් විවිධ පුද්ගලයන් මුලාකරමින් යවනු ලබන එස්.එම්.එස්. පණිවුඩ රැසක්ද සොයා ගත්තේය.

මෙහිදී අත්අඩංගුවටගත් කළු ජාතිකයින් උගන්ඩාවේ හා නයිජීරියාවේ සිට මෙරටට පැමිණ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇතිබවද මෙහිදී අනාවරණ විය.

පොලීසිය මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරමට හසුවූ පිරිස් සිටීනම් වහාම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය හෝ ළඟම ඇති පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි.

ඉදිරියේදීත් මහජනයා මුලාකරන මෙවැනි ජාවාරම් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think the President and the Courts are erratic in interpreting the law against drug peddlars. As a citizen I would like to see the politicians and businessmen that bring in drugs wholesale to be subject to the captal punishment. They are the prime cause of drug proliferation in the country. The ones that have received the capital punishment, most of them are the minnows that face the public only because they are so poor and have become victims to drug barons and middlemen because they too need to earn few cents or few ruppees to feed their starving kids. The preident should divert money to reduce poverty, and to change laws that transfer the lions share of all drug related crimes to the middle men and drug barons. I would like to see them facing the gallows and the law enforcement speeded up on them so that the authority sets an example to any would be drug peddlars or barons.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *