අ.පො.ස. (සා.පෙ) විභාගයෙන් පසුව නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාවක්

(10.12.2018 – 21:41 +0530 – sinhala.adaderana.lk)

නවීන තාක්ෂණය සමඟ වෙනස්වෙමින් පවතින ශ්‍රම වෙළඳපලට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණියන් බිහි කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය නිවේදනය කර සිටී.

මෙමඟින් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) සහතික පත්‍ර මට්ටමේ සිට තාක්ෂණවේදී උපාධිය දක්වා වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත. මේ පිළිබඳව අද දින අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන්ව දැනුවත් කිරීමට අත් පත්‍රිකා ද ලබා දී ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටුවා ඇති අනුමත රාජ්‍ය හා රජයේ ලියාපදිංචි පුහුණු ආයතන වලට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා සිටිනු ලැබේ. මෙමඟින් වෘත්තීය ක්ෂේත්‍ර 28 ක් යටතේ පාඨමාලා 2057 සඳහා ඉල්ලුම් කළ හැක.

වැඩි විස්තර www.youthjobs.lk වෙබ් අඩවියෙන් හෝ 011 208 1808 යන දුරකථන අංකය අමතා ලබා ගත හැක ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *