රනිල්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන්නැයි අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරේ…

(11.12.2018 – 15:50 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අත්හිටුවන ලෙස ඉල්ලමින් අද දිනයේ අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

යුත්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

++++++++++++++++++++++++

කලක් සැඟවූ රහස හෙලිවෙයි.. රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසිවන නඩු නිමිත්ත මෙන්න…

(11.12.2018 – 22:13 +0530 – lankacnews.com)

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබීය.

වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වන්නේ කොටස් වෙලදපලේ ලයිස්තු ගත ලේකහවුස් ප‍්‍රින්ටර්ස් ඇන්ඞ් පබ්ලිෂර්ස් සමාගමේ 09 වන විශාලම කොටස් හිමිකරු ලෙස කොටස් 38,964 ක අයිතිය දරමින් රජයේ ආයතන සදහා සේවා සපයන ගිවිසුමකට එළැඹ තිබීමයි.

මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන බැංකු වල චෙක්පත් මුද්‍රණය, වෙනත් කාඩ්පත් මුද්‍රණය ආදී සේවාවන් ලබා දී 2014 වසරේ සිට ලාභ ලබා ඇතැයිද වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වෙයි.

මෙමගින් එජාප නායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 91:1 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වීමට නුසුදුස්සකු වන බවත් ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවටත් පැමිණිලිකරු කියා සිටී.

2000 වසරේදී රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයද අහෝසි කරන ලද්දේ මේ හා සමානම හේතුවකිනි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *