ඝාතනය කළ පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඥාතීන් ජනපති හමුවේ

(11.12.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතා ගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමඟ ජනාධිපති කාර්යාලයට පැමිණි ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳව කණගාටුව පළ කළා.

මෙහිදී පොලිස් සැරයන්වරයාගේ බිරිඳට ගාල්ල – නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදුන් ජනාධිපතිවරයා ඝාතනය කෙරුණු පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න මහතාගේ කුඩා පුතනුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දක්වන බවයි කියා සිටියේ.


ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර, විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී 7 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්වන අතර මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ අධිකරණ තීන්දුවෙන් පසුව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සාකච්ඡාවට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++++

*****************************************

මහ මඟ සිදුවු තවත් අනතුරක් – දර්ශන සහිතයි

(11.12.2018 – 16:57 +0530 – sinhala.adaderana.lk)

අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදියක් මර්ගයේ හරහා ගමන් කරන තවත් යතුරුපැදියක ගැටෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවග සමාජ ඡාලා වෙඩ් අඩෙවි තුළ සැරිසරන බව දක්නට ලැබෙයි.

මෙලෙස යතුරුපැදි දෙක අනතුරට ලක්වන ආකාරය අසල තිබු වෙළඳ සැලක ආරක්ෂක කැමරාවක සටන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී අපට දැන ගැනීමට ලැබුණේ අදාළ යතුරුපැදි දෙකෙහි ගමන් කළ පැදිකරුවන් තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *