ඇමරිකාවේ USAID ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය ‘නූතනවාදී කිරීමට’ ඩොලර් මිලියන ගණනක්.. මහාචාර්ය ජයසුමන ගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

(09.12.2018 – 10:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ අධිකරණය නුතනවාදී කිරීම සඳහා USAID හරහා CORE JUSTICE ව්‍යාපෘතියට (Coherent, Open, Responsive, And Effective Justice Program) ලැබුණු ඩොලර් මිලියන ගණනක මුදල් වියදම් වූයේ කෙලෙසද සහ එමගින් සිදු වූ ප්‍රතිසංස්කරණ කවරේද යනුවෙන් මොරටුවේ පැවති එළිය වැඩසටහනේදී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රශ්න කළේය.

සිය ක්ෂේත්‍රයට අයත් උදාහරණයක් මගින් මහාචාර්ය ජයසුමන මහතා CORE JUSTICE ක්‍රියාදාමය මැනවින් පැහැදිලි කළ බව එම ස්ථානයේ සිටි ප්‍රවීණ නීතිවේදීහු රැසක් ප්‍රකාශ කළහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.

facebook.com/jayasumanachanna :

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ අධිකරණය නුතනවාදී කිරීම සඳහා USAID හරහා CORE JUSTICE ව්‍යාපෘතියට ලැබුණු මිලියන ගණනක මුදල් වියදම් වූයේ කෙලෙසද? එමගින් සිදු වූ ප්‍රතිසංස්කරණ කවරේද? 2018 දෙසැම්බර් 8 මොරටුවේ පැවති එළිය වැඩසටහනින්…ව්‍යාපෘතිය ගැන.. https://www.chemonics.com/projects/modernizing-sri-lankan-judicial-system/

Posted by Channa Jayasumana on Saturday, December 8, 2018

Modernizing the Sri Lankan Judicial System

*****************************************

යතුරුපැදි අනතුරක් CCTV කැමරාවේ සටහන් වෙයි

(12.12.2018 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස, කන්දෙවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා තිබෙනවා.

අද (12) උදෑසන 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

එම වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • O no…… do not accept usaid; they will make SLK justice system that of the corrupt american system, trump style. OK for rapists to become supreme court judges and to give politically bias judgments based on which politicians are giving them buckshe or position. Go UK way, if you need some independent judges and an independent judicial. But I should warn you even there, there are some political interference, though under gretater scrutiny from public

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *