වටහාගත නොහැකි දෙයක් ගැන මන්ත්‍රී ඩලස් කියයි

(14.12.2018 – 19:56 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන විට අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා මහ මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට යෑම තවමත් තේරුම්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.

+++++++++++++++++++++++++++++++++++++

පක්ෂයේ අනුදැනුමකින් තොරව පළකළ අදහස් ගැන මහින්ද සමරසිංහගෙන් නිවේදනයක්

(14.12.2018 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ (13) මාධ්‍ය වෙත පලකල අදහස් පක්ෂයේ අනුදැනුමකින් තොරව පලකර ඇතැයි මහින්ද සමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාද පවසන්නේ පක්ෂයේ නොවන අයගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

නිවේදනයක් නිකුත්කරමින් මහින්ද සමරසිංහ මහතා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබදව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් ඒවා පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති බවත්ය.

ඒ හේතුවෙන් එම ප්‍රකාශ කිසිවක් නොපිළිගන්නා බව නිවේදනයෙන් පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා පවසන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *