සමන් රත්නප්‍රිය සහ වියන්ගොඩ සඳුදාත් කැදවයි

(14.12.2018 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදා (17) පෙරවරුවේදීත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය ගෙන් ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සමන් රත්නප්‍රිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පොලිස් මූලස්ථානයට සිදුකල පැමිණිල්ලට අනුවයි.

මේ අනුව ඔවුන් තිදෙනා අද පෙරවරු 9.30 ට පමණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන් අද දහවල් 12 ට පමණ ඉන් පිටව ගියා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේයි.

*****************************************

CCTV කැමරාවේ සටහන් වූ අනතුර

(14.12.2018 – 15:46 +0530 – hirunews.lk/sinhala)

හැටන් කුඩාගම ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රී රෝද රථක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 7 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නුවරඑළිය සිට මස්කෙළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

ත්‍රී රෝද රථයට මගියෙකු නංවා ගැනීමට නතර කළ අවස්ථාවේ පිටුපසින් පැමිණි වෑන් රථය එහි ගැටී තිබෙනවා.

පසුව ත්‍රී රෝද රථය මාර්ගයේ පෙරලී ගොස් තිබෙනවා.

එහි රියදුරා තුවාල ලබා කොටගල රෝහලට ඇතුලත් කර ඇති අතර වෑන් රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි හැටන් පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙම අනතුර එම ස්ථානයේ ගොඩනැගිල්ලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා.

*****************************************

බස් රථ අනතුරකින් පාසල් දැරියක් මරුට

(14.12.2018 – 17:35 +0530 – hirunews.lk/sinhala)

ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද දහවල් (14) සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ ගින්නලිය ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් දැරියක්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඇගේ මව සහ පියා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කොළඹ සිට ඌරුබොක්ක දක්වා ධාවනය වූ බස් රථය මාර්ගය වැරදි පැත්තෙන් ඉතා වේගයෙන් ගමන් කර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ.

මියගිය දැරියගේ මව සහ පියා ඇතුළු කණ්ඩායම ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ ඥාති දරුවකුගේ පෙර පාසල් උත්සවයක් බැලීම සඳහා මිද්දෙනිය ප්‍රදේශයට සිට පැමිණ ඇති අතර එය අවසන් වීමෙන් පසු ආපසු නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *