මහ මැතිවරණයක් නොමැතිව අග්‍රාමාත්‍ය ධුරයක් මට එපා – හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා

(15.12.2018 – 13:46 +0530 – sinhala.adaderana.lk)

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ තම පාර්ශවයේ අරමුණ වුයේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීම බවත් මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15) අත්සන් තැබිමෙන් අනතුරුවයි.

තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉවත් වී අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙන බවද එම් මහතා එහිදි පැවසීය.

ඔක්තෝබර් 26 වනදා තමන් අගමැති වනවාත් සමඟම මුලු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිඳීමක් ඇති වු බවත් 2015 න් පසු කඩා වැටි තිබු කොටස් වෙළඳපොල නැවතත් පිබිදුන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම මේ වන විට දැන් කල් ගිහින් ඇති නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්ය්යෙන්ම ලැබෙන බවත් එය වලක්වන්න කාටවත්ම නොහැති බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම කැඳවා තිබු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් බැවින් එය හදාරා බලා, ඒයින් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම පිලිබඳ පසුව විග්‍රහයක් කිරිමට බලාපොරොත්තු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

මේ මොහොතේ සාකච්ඡා කරන්නේ කැඳවු මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ඇතිවෙන දේශපාලාන තත්ත්වය ගැන බවද ඒ මහතා එහිදි පැවසීය.

තම පාර්ශවයට මේ අවස්ථාවේ හැප්පෙන්න වී තිබේන්නේ දිගින් දිගටම මැතිවරණ මඟහරින්න නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්ෂවල එකතුවක් සමඟ බවද ඒ මහතා පවසයි.

ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසුරුවාහැරියද මැතිවරණ පැවැත්වීමට විරුද්ධ පිරිස අධිකරණයට ගොස් තාවකාලික වාරණ නියෝගයක් අරගෙන එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවා තිබු පාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඔවුන්ට තිබේන බව පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුන බවද ඒ මහතා පවසයි.

රනිල් වික්‍රිමසිංහ මහතා අගමැති ලෙස පත් කිරිම ඡන්ද 117 ක් ලැබුණද, එයින් 14 ක් දෙමළ ජාතික ඡන්ද වන අතර එහි සමාජිකයෙක්වන මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් කළ විශේෂ ප්‍රකාශය ගැන අදහස් දැක්වීය.

රනිල් වික්‍රිමසිංහ මහතාට අගමැති වීමට ඡන්දය දුන්නද තම පක්ෂය ආණ්ඩුවට එක් නොවන බවත්, දිගටම විපක්ෂයෙහි සිටින බවත් මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා සිය කතාවෙන්පැවසු බවද මහින්ද රාජපක්ෂ එහිදි ප්‍රකාශ කළේය.

මෙයින් පෙනි යන්නේ මන්ත්‍රීවරුන් 103 ක් සිටින එක්සත් ජාතික පක්ෂය, සුළුතරයක් සිටින දෙමළ ජාතික පක්ෂය විසින් ප්‍රාණ ඇපයට අරගෙන තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ අනුව පෙනි යන්නේ එක්සත් ජාතික පක්ෂය පාලනය කිරිමේ දුරස්ථ පාලකය දෙමළ ජාතික සන්ධානය සතුව ඇති බවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා විසින් පැවසීය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාව සංවිධානය කරමින් රටට එරෙහි ඒ දුර්දාන්ත බලවේගය දමනය කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පුර්ණ කථාව පහතින් දැක් වේ :

හිටපු ජනාධිපති මහින්ද රාජපක… by on Scribd

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

විපක්ෂ නායක ධුරය හිටපු ජනපතිට හිමිවිය යුතු බව මන්ත්‍රී දිනේෂ් කියයි

(15.12.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව විජේරාම නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව දැනුම් දුන් අවස්ථාවට සහභාගී වූ දේශපාලනඥයින් මාධ්‍යයට අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++++

නව ආණ්ඩුවට එක් නොවන බව නිදහස් සන්ධානය කියයි

(15.12.2018 – 19:22 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුවට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනට තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ නව ආණ්ඩුවට එක්වන ලෙස සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඉල්ලීම් ලැබී ඇති බවයි.

දැනට කිසිවෙකුත් එවැනි තීරණයකට පැමිණ නොමැති බව ඔහු සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද යළි එම පක්ෂයට එක් නොවන බව සඳහන් කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. නාවින්න මහතා සහ ආනන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ යළි එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවයි.

ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පසුගියදා ලබාගත්තා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරයාට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේ තමන් තවමත් තීන්දුවක් ගෙන නොමැති බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ දුනේෂ් ගන්කන්ද මහතා ගෙන් එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට තීරණය කර ඇත්දැයි විමසීමට උත්සාහ කළ නමුත් ඔවුන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ ෴

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *