ඉන්දියාවේ ධනවත්ම විවාහයක නර්ථන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහට

(15.12.2018 – 19:27 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයේ නර්තන අධ්‍යක්ෂණය මෙරට ප්‍රවීණ නර්ථන අධ්‍යක්ෂ චන්දන වික්‍රමසිංහ මහතා‍ විසින් සිදු කරනු ලදි.

මෙම විවාහ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා මුම්බායි නුවරදී පැවැත් විය.

ඉන්දියාවේ ධනවතා වන ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහ උත්සවය ලොව පුරා ධනවතුන්, දේශපාලඥයින් හා සුපිරි තරු රැසකගේ සහභාගිත්වයෙන් මුම්බායිහිදී දින ගණනාවක් පුරා පැවැත් විය.

ඇය විවාහ වූයේ ඉන්දියාවේ තවත් ධනවත් ව්‍යාපාරික යුවළ‍කගේ පුත්‍රයෙකු වන ආනන්ද් පිර්මාල් සමගයි.

මුම්බායිහි මහල් 27 කින් යුත් අම්බානි නිවසේ පැවැති විවාහ මංගල්‍යය විචිත්‍රවත් අංග රැසකින් සමන්විත විය.

නර්තනය පිළිබඳ ලොව ආකර්ෂණය දිනාගත් ඉන්දියාවේ පැවැති මෙම විවාහ උත්සවයේ විශේෂත්වයක් වුයේ මෙරට ප්‍රවීණ නර්තන අධ්‍යක්ෂක නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතා විසින් විවාහ උත්සවයේ නර්තන අධ්‍යක්ෂණය සිදුකිරීමයි.

ලොව ප්‍රකට නර්තන ශිල්පීන් රැසක් එක්ව සිටි ඉන්දියාවේ ප්‍රමුඛතම උත්සවයක නර්තන අධ්‍යක්ෂණය මෙරට අධයක්ෂකවරයෙකුට ලැබීම රටක් ලෙස අප සැමට ආඩම්බරයක්.

++++++++++++++++++++++++

https://www.facebook.com/gossiplankanewsdotcom/videos/779385419078036/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *