පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන් බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(16.12.2018 – 17:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමන් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප්‍රකාශය පෞද්ගලික දේශපාලන මතය වන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සූදානමින් – හිටපු ජනපති

(16.12.2018 – 19:33 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව කාල්ටන් නිවසේ අද (16) පැවති උත්සවයකදී අදහස් දක්වමින්.

තමන් අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් පසු රටේ ජනතාවට සහන ලබාදීමට කටයුතු කළ බවත්, තවදුරටත් එහි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වූ බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජනතාව වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, ආර්ථික හා ජාතික පීඩනයකට යටත්ව තිබූ වකවානුවක රට ඉන් මුදවා ගැනීම සඳහා අගමැතිවරයා ලෙස තමන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය කෘතවේදීත්වය පළකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය මාස එකහමාරක කාලය තුළ අගමැතිවරයා ලෙස රට සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුලු සියලු පිරිස් ලබා දුන් සහායට ද ස්තුතිය පලකරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++++

මෛත‍්‍රිගේ පණිවුඩකරුවන් කිහිප දෙනෙක් හා ඇතුලේ උන් කිහිප දෙනෙක් මහින්දව කෑවා.. උඩින්ම හිටිය මහින්ද බිමටම ඇදලා දැම්මා..

(15.12.2018 – 22:07 +0530 – lankacnews.com)

මහින්ද රාජපක්‍ෂ මහතාට මේ අපරාධය කලේ ජනපති මෛත‍්‍රීගෙන් පණිවඩුයක් ගෙන ශ‍්‍රීලනිපයෙන් ආ කිහිප දෙනෙකු හා ඇතුලේ උන් කිහිප දෙනෙකු විසින් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඕනෑම මැතිවරණයක් ඉහලින්ම දිනන්නට හැකියාවෙන් සිටි මහින්ද රාජපපක්‍ෂ මහතා දැන් බිමට ඇද දමා ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

අගමැති ධුරයෙන් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් මාධ්‍ය වෙත පල කලේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *