කැබිනට්ටුව 28 ක් කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනපති ගෙන් ඉල්ලයි

(17.12.2018 – 13:22 +0530 – hirunews.lk/sinhala)

කැබිනට්ටුව 28 ක් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර 28 දෙනෙකුට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළා.

++++++++++++++++++++++++

17.12.2018

*****************************************

දුගී භාවයට වගකිවයුත්තේ දූෂිත දේශපාලනඥයින් – ජනපති

(17.12.2018 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ දුගීභාවයට දූෂිත දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මන්නාරමේ ඊයේ පැවති ජාතික නත්තල් උත්සවය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා ඉන්දීය ආධාර යටතේ ලබාදුන් නිවාස ව්‍යාපෘතියක්ද අහිමිව ගියේ දූෂිත දේශපාලනඥයින්ගේ ක්‍රියාකලාපය නිසා බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *