මාඔය පාලම මතදී සිදුවූ අනතුර (විඩියෝ)

(17.12.2018 – 16:36 +0530 – hirunews.lk/sinhala)

හඟුරන්කෙත – මාඔය පාලම මතදී ලොරි රථයක්, ටිපර් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (17) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම අනතුරින් රථ වාහන තුනකට අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුර සිදුකල ටිපර් රථයේ තිරිංග පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මේ අනතුර සිදුව ඇතිබවයි පොලිසිය කියා සිටියේ.

හඟුරන්කෙත පොලිසිය අනතුර පිළබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

*****************************************

අනතුරකින් පසු වළක්වා ගත් අනතුර

(17.12.2018 – 09:23 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියක් එම යතුරුපැදිය ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටී අනතුරට ලක්වන ආකාරයත් එම පැදිකරු සිදුවන්නට ගිය තවත් අනතුරක් වළක්වා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.

කෙසේ වෙතත් අනෙක් පසින් පැමිණි බස් රථ රියදුරාගේ කල්පනාකාරී රිය ධාවන ද සිදුවන්නට ගිය අනතුර වළක්වා ගැනීමට හේතුවෙනවා.

*****************************************

රිය සහයකගේ වීර වික්‍රමයෙන් ජීවිත රැසක් අනූ නවයෙන් බේරෙයි.. තිරිංග නොමැතිව ගමන්ගත් ලොරි රථයක් නිසා සිදුවීමට ගිය මහ විනාශයක් වැළකුණු හැටි

(17.12.2018 – nethnews.lk)

මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ මාතලේ දෙසින් දඹුල්ල දෙසට තිරිංග නොමැතිව ධාවනය වූ ලොරි රථයක් අද (17) රිය සහායකගේ දක්ෂතාවය මත අඩ තබා නවතා ගැනීමට හැකිවු බව නාඋල පොලිසිය කියයි.

තිරිංග නොමැතිව නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණය ආසන්නයේ දි නාඋල ප‍්‍රාදේශිය සභාවට අයත් යතුරු පැදියක හා ප‍්‍රාදේශිය සභාවේ කසල ප‍්‍රවාහන ටැක්ටර් රථයේ ද ගැටී ලොරි රථය ඉදිරියට ධාවනය වී තිබේ.

ධාවනය වන ලොරි රථයෙන් පැනගෙන ඇති රිය සහායක පිටුපස ටයරයට අඩ කොටයක් තබා රථය නතර කර ගැනීමට කටයුතු කර ඇත.

සිද්ධියෙන් පසු නාඋල පොලිසියේ රථවාහන අංශය මැදිහත් වි ඒ නවය මාර්ගයේ රථ වාහන තදබදය පාලනය කිරීමට පියවර ගන්නා ලදී.

අනතුර හේතුවෙන් ප‍්‍රාදේශිය සභාවේ යතුරු පැදියට හා ටැක්ටර් රථයට සුළු අළාභහානි සිදුව ඇති අතර සිද්ධිය ඇසින් දුටු පිරිස් කියා සිටියේ කාර්ය බහුල නාඋල නගරයේ උදාසන කාලයේ දී විශාල ජනකායක් ගමන්ගන්නා මොහොතේ ඔවුන්ගේ ජීවිත මෙන්ම අවට දේපල ද රිය සහායකගේ මැදිහත්වීම හේතුවෙන් බේරා ගැනීමට හැකි වු බවයි.

සිද්ධියට අදාල තිරිංග නොමැති ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර නාඋල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරික්ෂණ පවත්වති.

*****************************************

පොලිස් වෙසින් නිවසකට ඇතුළු වී පොලිස් නිල ඇඳුමක් සොරාගෙන

(17.12.2018 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වූ නාඳුනන පිරිසක් පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවි කර පළා යාමේ පුවතක් දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිළ ඇඳුමක් වන බවටයි වාර්තා වන්නේ.

නිවස ආසන්නයේ පදිංචි කාන්තාවක් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ රහස් පොලීසියෙන් යැයි පැවසූ පිරිසක් මෙම නිවසට පැමිණ ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවටයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *