පළාත් සභා 06 ක මහ ඇමතිවරුන්ගේ සහය, නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට නැහැ

(16.12.2018 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් 06 ක ප්‍රධාන අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහය පළ නොකිරීමට තීරණය කර තිබෙනවා.

අද (16) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පළකළා.

උතුරු මැද, බස්නාහිර, දකුණ, ඌව, මධ්‍යම සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටියා.

*****************************************

සම්බන්ධන්ගේ කොන්දේසිවලට මහින්ද එකඟ වුණේ නෑ

(17.12.2018 – 14:28 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේ නිර්මාණය වී ඇති දේශපාලන පසුබිමට අනුව මහින්ද රාජපක්ෂ මහතාට අනිවාර්යයෙන්ම විපක්ෂ නායකධුරය හිමිවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අනුරාධපුර මිරිස්සවැටිය විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඊයේ (16) පස්වරුවේ අනුරාධපුර මිරිස්සවැටිය විහාරාධීපති පූජ්‍ය ඊතල්වැටුණු වැවේ පඤ්ඤානන්ද හිමියන් බැහැ දුටුවේය.

එම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ, ශ්‍රීලනිප මන්ත්‍රීවරු කීපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට යම් මතයක් තිබුණත් කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ පෙරමුණ සමඟ එකතු නොවන බවට ජනාධිපතිවරයා විසින් ඉතා පැහැදිලිව පවසන බවත් එය අද වන විට විශාල හයියක් වී ඇති බවයි.

දෙතුන් දෙනෙක් ඉවත්ව ගිය ද පැහැදි වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවන නව රජයට පාර්ලිමේන්තුව තුළ ආසන 113 ක් නොමැති බවත්, අයවැය ලේඛනය සම්මත කර ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද ජී.එල්.පීරිස් මහතා කියා සිටියේය.

දමිළ ජාතික සංවිධානයේ පිහිටින් එය සිදුකළ යුතුව ඇති බවත්, එකම පිහිට වන්නේ ද එය බව පැවසු මන්ත්‍රීවරයා ඉටු කර ගැනීමට නොහැකි වු සියලු දේ වත්මන් රජය හරහා ඉටු කර ගැනීමේ අරමුණින් ඔවුන් එක්සත් ජාතික පෙරමුණට සහය ලබා දෙන බවද පැවසීය.

දමිළ ජාතික සංවිධානය විසින් ඉල්ලීම් කිරීම කළද එම ඉල්ලීම් පිළිගන්නවා ද නැද්ද යන්න තීරණය කිරීමට රජයක් ලෙස ශක්තියක් තිබිය යුතු බව ද පැවසු ජී.එල්.පීරිස් මහතා එම යෝජනා පිළිගන්නවා නම් රජය එතැනින් අවසන් වන බව ද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාට ද මෙම ඉල්ලීම් සම්බන්ධන් මහතා විසින් ඉදිරිපත් කළත් බලය ලබා ගැනීමට රට පාවා නොදෙන බව මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධන් මහතාට පැවසූ බව ද කියා සිටියේය.

අද පවතින තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාට නිසැකයෙන්ම විපක්ෂ නායක ධූරය හිමිවිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *