එක්නැලිගොඩ ජීවත්ව සිටිනවා නම් මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – බොදුබල සේනා සංවිධානය

(18.12.2018 – 18:34 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහු මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා.

එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගෙන් කළ ඉල්ලීමට මැදිහත් වන්නැයි ඉල්ලමින් අද මහනුවරදී අස්ගිරි – මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවයි ෴

+++++++++++++++++++++++++++++++++++++

සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයෙන් ඥාණසාර හිමි ගැන සඳහන් කරමින් ජනපතිට ලිපියක්

(19.12.2018 – nethnews.lk)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, එහි මහනායක, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින්.

එහි දැක්වෙන්නේ සිදු කරන ලද වරදක් මතු නිවැරදි කර ගැනීමේ අවබෝධය හෙවත් ආයති සංවරයේ පිහිටුවීමට ඥාණසාර හිමියන් දැනටමත් එකග වී ඇති බවයි. එබැවින් එළඹෙන නත්තල් සමයේ සිරුකරුවන් නිදහස් කිරීම පිණිස ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ උන්වහන්සේට ද නිදහස ලබාදෙන ලෙසටයි මහනායක, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කෝට්ටේ ශ‍්‍රී කළ්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් භික්ෂූන් වහන්සේ නමක්. එබැවින් උන්වහන්සේ පිළිබඳ යම් ඉල්ලීමක් කිරීම සංඝ සභාව ලෙස වගකීමක් කොට සලකන බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. රටේ නීතියට අනුව ඥාණසාර හිමියන් සිදු කළ වරදට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ නීතිගරුක වන බවද මහනායක හිමියන් පවසනවා.

එහෙත් ඥාණසාර හිමියන් එම වරද සිදු කර ඇත්තේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව හමුදා බුද්ධි අංශ සාමාජිකයින් වෙනුවෙන් ජනිත වූ හදිසි මානසික තත්ත්වය තුළ උන්වහන්සේ සිටි ස්ථානය පිළිබඳ අනවබෝධයෙන් බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

*****************************************

ETI විරෝධතාකරුවන්ගෙන් රතු එළියක්

(18.12.2018 – 18:48 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි දෙවනදාට පෙර ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට නොගතහොත් දිවයින පුරා විරෝධතා පවත්වන බව ඊ.ටී.අයි තැම්පත්කරුවන් සුරැකීමේ ස්වාධින සංගමය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිනි අනුෂා ජයන්ති මහත්මිය මේ බව කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *