ඇමතිකමෙන් අයින් කල එක ලොකු දෙයක්.. මටත් එපා වෙපා හිටියේ.. තවත් ඇමති පිරිසක් ආන්ඩුවෙන් ඉවත් වෙනවා.. – අරුන්දික

(12.09.2017 – 15:00 +0530 – lankacnews.com)

වත්මන් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන මුල සිටම තමනට ගැටළු තිබූ බවත් ආණ්ඩුවේ රැදී සිටීමට තමනට උවමනා නොවූ බවත් අද දිනයේ ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරන ලද අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවද සදහන් කරන ඔහු තමා ඉවත් කල පමණින් ආණ්ඩුවෙන් ඉවත්ව යන පසු නොබසිනු ඇතැයිද සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කර ඇත.

අරුන්දික ප‍්‍රනාන්දු මහතා දරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය වන අතර ඔහුගේ ධුරයෙන් නෙරපීම අද දිනයේ සිට ක‍්‍රියාත්මකයි.

ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල මෙම ඉවත් කිරීම සිදු කලේ යයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කුමන චෝදනාවක් මත ඔහු ධුරයෙන් ඉවත් කලේදැයි වාර්තා නොවෙයි.

————————–

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

http://www.pmdnews.lk/ (ජනාධිපති මාධ්‍ය ඒකකය)

++++++++++++++++++++++++++++++++

******************************************

‘සුදොවුන් පියා විය සක්විති මග තනන…’ – දැරිය තුරුළු කරගත් ජනපතිට අලුත්ම හැදින්වීමක්..
(12.09.2017 – 11:20 +0530 – lankacnews.com)

පොලොන්නරුව කවුඩුල්ලේ පැවති උත්සව වේදිකාවක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටියදී කුඩා දැරියක් වේදකාවට පැමිණ ඔහුගේ තුරුලට වී සිටියාය.

එම අවස්ථාවේ වීඩියෝව ජනාධිපතිවරයාගේ නිල ෆෙස්බුක් පිටුවේ දැක්වෙයි.

එම විඩියෝව එයට එක් කර ඇත්තේ සුනිල් එදිරිසිංහන්ගේ ගීතයකට පසුබිම් කථනයක්ද එක් කර ‘සුදොවුන් පියා විය සක්විති මග තනන’ යන උදෘතයද සහිතවයි.

"රන්වැලි සෑය විය දිවි අඹරට නැගුණ…සුදොවුන් පියා විය සක්විති මග තනන…!

Posted by Maithripala Sirisena on Monday, September 11, 2017

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *