වැලිමඩ ලංගම පහරදී පුද්ගලික බස් රථ රියැදුරෙකු මරුට

(19.12.2018 – 21:27 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ දී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මරුට

වැලිමඩ බස්නැවතුම්පොල අසල දී සිදු වූ පහරදීමකින් පුද්ගලික බස් රථ රියැදුරෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*****************************************

දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුයි – යුද හමුදාපති

(19.12.2018 – 19:44 +0530 – hirunews.lk/sinhala)

උතුරේ මෙන්ම දකුණේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබදව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ අදහස් පළ කළා.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

කොටි ධජවලට සමාන ධජ

(19.12.2018 – 18:21 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් සෙල්වපුරම් වෙරළ තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන ධජ දෙකක් එලා ගොස් ඇති අතර, ප්‍රදේශයේ ධීවරයින් පසුව කළ දැනුම්දීමකට අනුව පොලීසිය එම ධජ රැගෙන ගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *