නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයි – නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට (20)

(19.12.2018 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර අද (19) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක්වූ නියෝජිතයින් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

පැති මාරුකළ අයට ඇමතිකම් එපා – එජාපයෙනුත් විරෝධය

(19.12.2018 – 19:15 +0530 – hirunews.lk/sinhala)

පත් කිරිමට නියමිත අමාත්‍ය මණ්ඩලයේ නාමලේඛනය අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත්කළ හැක්කේ අමාත්‍යවරුන් 30 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත් 40 දෙනෙකුගෙන් යුත් නාමලේඛනයක් අද දිනයේ ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි එම පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එම ලැයිස්තුවට ජනාධිපතිවරයා අනුමැතිය දීමෙන් පසු දිවුරුම් දීම හෙට දිනයේදී සිදුවනු ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම පසුගිය 16 වනදා සිදුවු අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දිමෙන් පසු කැබිනට් මණ්ඩලයක් නොමැතිව මේ වන විට ගතවන්නේ තුන්වන දිනයයි.

නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ පිරිසට අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම, අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීම මෙලෙස කල්යෑමට හේතුව බව එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පෙරමුණ තුළද කැබිනට් අමාත්‍ය ධුර බෙදීයාම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවනවා.

මේ අතර ආණ්ඩුවට එක්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදීමට ඊයේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියා.

එලෙස එක්වූ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට තමන්ද විරුද්ධ බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ.

පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකිවූ අතර, මෙම වසර නිමවීමට තවත් ඇත්තේ දින 11 ක කාලයක්.

ඊට පෙර අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ අනිද්දා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

+++++++++++++++++++++++++++++++++++++

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූවේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසයි – හිටපු ජනපති

(19.12.2018 – 18:43 +0530 – hirunews.lk/sinhala)

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුයේ රට අස්ථාවර කිරීමට නොහැකි නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

විපක්ෂ නායක ධුරයෙන් හිටපු ජනපති ඉවත් කිරීමට පෙඩරල්වාදී කඳවුර උත්සාහයක – පවිත්‍රා වන්නිආරච්චි

(19.12.2018 – 18:42 +0530 – hirunews.lk/sinhala)

පෙඩරල්වාදී කඳවුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

ඇය එහිදී ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින්නේ ඊළාම් වාදය සඳහා බවයි.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක ධුරය සඳහා හිටපු ජනාධිපතිවරයා පත් කරන ලෙස සන්ධාන මහ ලේකම් විසින් කථානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබූ බවයි.

එමෙන්ම මේ වනවිට විපක්ෂ නායක ධුරය රටේ බලවත් වී ඇති බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *